2026-04-10 20:19:00 Hours

“දිට්වා” සුළි කුණාටුවෙන් විපතට පත් සෙබළුන්ට රුපියල් මිලියන 26ක්


...

“දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය සහ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණින් රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුත් සහන වවුචර්පත් බෙදාදීමේ විශේෂ වැඩසටහනක් 2026 අප්‍රේල් 10 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා.

සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට සමගාමීව සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහභාගී වුණා.

“දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් හමුදා සාමාජිකයින් 1,933 දෙනෙකු වෙත එක් අයෙකු සඳහා රුපියල් 15,000ක වටිනාකමින් යුතු සහන වවුචර්පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කළ අතර, එම සහන වැඩසටහන ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ මානසික ශක්තිය ඉහළ නැංවීමට උපකාරී වනු ඇති.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක ගිණුම වෙතින් ලබා දී ඇති අතර, ආපදාවට පත් සෙබළුන්ට සහය ලබාදීමේ වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාත්මක කර තිබෙනවා.

යුද්ධ හමුදා බලධාරීන් ප්‍රකාශ කළේ, ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම අඛණ්ඩව සිදු කරනු ඇති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk