2026-04-06 17:14 Hours

BREAKING - මේ සතියේ සිට බදාදා නිවාඩුව අවලංගු වෙයි


...

මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසන්නේ ලබන 8 වන බදාදා සිට නව තීරණය ක්‍රියාත්මක වන බවයි.

රට තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් සෑම සතියකම බදාදා දින රාජ්‍ය සේවකයින්ට නිවාඩු දිනයක් ලෙස පසුගිය මාර්තු 17 වනදා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk