2026-04-08 22:19:00 Hours

ඊශ්‍රායල ප්‍රහාර නිසා හෝර්මුස් සමුද්‍ර සන්ධියේ තෙල් නෞකා ගමනාගමනය නවතා දමලා? - ඉරාන පුවත් ඒජන්සිය වාර්තා කරයි


...

ඊශ්‍රායලය ලෙබනනයේ සිදුකළ ප්‍රහාර හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් නෞකා ගමනාගමනය තාවකාලිකව නවතා දැමූ බව ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ලෝක තෙල් වෙළඳපොළට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවත්, ජාත්‍යන්තර වෙළඳ ගමනාගමනයටද අර්බුදකාරී තත්ත්වයක් උදා විය හැකි බවත් විශ්ලේෂකයන් අනතුරු අඟවයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහනය සඳහා ඉතා වැදගත් ජලාශ මාර්ගයක් ලෙස සැලකෙන අතර, එහි ගමනාගමනයට බාධා සිදුවීම ගෝලීය ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කිරීමට හේතු විය හැක.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk