2026-05-10 09:19:00 Hours

කපිලගේ මරණය ගැන පොලීසිය අරවින්දගෙන් ප්‍රකාශයක් ලබාගනී


...

මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුරු කොටසේ රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබෙනවා.

මෙලෙස එම සිරුරු කොටස් යොමු කර ඇත්තේ මරණයට හේතුව කුමක්ද යන්න සම්බන්ධව නිශ්චිතව සොයා ගැනීම සඳහායි.

පොලීසිය පැවසුවේ එම වාර්තාව ඉදිරි දින කිහිපය තුළ දී ලබාදීමට නියමිත බවයි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී පසුගිය 08 වනදා උදෑසන හමුවුණා.

ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි සැක කෙරුණු මෙම මරණය පිළිබඳව විමර්ශන මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.

මේ අතර ශ්‍රීලන්කන් එයාර් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඊට අමතරව ඒ මහතාගේ බිරිඳගෙන් සහ එම නිවසේ සිටි තවත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද වාර්තා වනවා.

අරවින්ද ද සිල්වා මහතා කපිල චන්ද්‍රසේන මහතාගේ ළඟම ඥාතියෙකි.

පසුගිය 08 වනදා උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර සොයා ගැනුණේ ද අරවින්ද ද සිල්වා මහතාගේ කොල්ලුපිටියේ නිවසේ තිබියදීයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk