2026-06-20 19:01:00 Hours

ආසන පටි නීතිය අද සිට දැඩි වෙයි


...

ආසන පටි නීතිය අද (20) සිට බලාත්මක කරන බව ආරක්ෂාව සම්බන්ධව ජාතික සභාව පවසනවා.

එම සභාව සඳහන් කරන්නේ රථ වාහන පැදවීමේ දී ආසන පටි පැළදීම අනිවාර්යය වන බවත් අධිවේගී මාර්ගවල ධාවනය කරන්නේ නම් වාහනයේ සිටින සියලු මඟීන් ආසන පටි පැළදිය යුතු බවත්ය.

රථවාහන ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මඟීන්ට ද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබාදී තිබුණ ද එය ඊයේ (19) දිනයේ අවසන් වුණා.

මේ අනුව අද (20) සිට මෙම නීතිය අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව පැවසුවා.

සාමාන්‍ය මාර්ගවල ධාවනය වන වාහනවල රියදුරු සහ ඉදිරිපස අනෙක් ආසනයේ ගමන් ගන්නා මගියා ආසන බඳ පටිය පැළඳීම අනිවාර්ය වනවා.

ඊට අමතරව අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා වාහනවල රියදුරු හා සියලු මගීන් ආසන බඳ පටි පැළඳිය යුතු වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk