2026-06-20 14:46 Hours

ICC සභාපති ජේ ෂා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව අතර විශේෂ හමුවක්


...

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති Jay Shah සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් Devajit Saikia ඊයේ (19) කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

කෙටි නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මෙම දූත පිරිස සහ Sri Lanka Cricket නිලධාරීන් අතර පැවති හමුවේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වත්මන් තත්ත්වය සහ ක්‍රියාත්මක වන පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.

මෙහිදී, පාලන සංක්‍රාන්ති ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා පත්කර ඇති කමිටුවේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳව ICC සභාපතිවරයා දැනුවත් කර ඇති අතර, ක්‍රිකට් පරිපාලනය වඩාත් ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුතුව ගොඩනැගීම සඳහා ගෙන ඇති පියවර ද පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ දිගුකාලීන ස්ථාවරත්වය සහ යහපාලනය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත හා පරිපාලනමය සංශෝධන පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇති බව සඳහන්.

නීතිමය රාමුවට අනුකූලව ප්‍රතිසංස්කරණ අවසන් කර, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වන නව පරිපාලනයකට බලය පැවරීමේ සැලැස්ම සහ ඒ සඳහා අපේක්ෂිත කාලසීමාව පිළිබඳව ද ICC ප්‍රධානියා වෙත කරුණු ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk