2026-07-03 15:32:00 Hours
2027 මුල්‍ය වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
02/2026 දරන ජාතික අයවැය චක්‍රලේඛයට අනුකූලව මෙම කටයුතු සිදු කරනු ඇති.
මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ අනිවාර්ය වියදම් සීමාවන් සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන විසින් දැඩි ලෙස අනුගමනය කළ යුතු බවයි.
ඊට අමතරව නව ව්‍යාපෘති සඳහා ද දැඩි කොන්දේසි පනවා තිබෙනවා.
මේ අනුව නව සංවර්ධන ව්‍යාපෘති සඳහා වන යෝජනා මුලික අයවැය ඇස්තමේන්තු තුළම ඉදිරිපත් කළ යුතු වනවා.
එම අමාත්‍යාංශය පවසන්නේ අයවැය ඇස්තමේන්තු සහ ඒවාට අදාළ දත්ත ඉදිරිපත් කිරීම සඳහා ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය (ITMIS) භාවිතය අනිවාර්ය කර ඇති බවයි.
එමෙන්ම, සියලු රාජ්‍ය ආයතන විසින් අදාළ අයවැය ඇස්තමේන්තු මෙම මස 31 වැනිදාට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බව ද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk