2026-05-08 10:14:00 Hours

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට


...

රාජාංගනේ සද්ධාරතන හිමි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතාට සමාජ මාධ්‍ය හරහා තර්ජනය කිරීමේ චෝදනාවක් මත මෙලෙස උන්වහන්සේ අත්අඩංගුවට ගත් බවයි.

අදාළ චීවරධාරියා සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව පසුගිය වසරේ කටයුතු යොදා තිබුණා.

එම නිකාය මෙම තීන්දුව ගනු ලැබුවේ යුටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ පිළිබඳ සිදුකළ සොයා බැලීමකින් පසුව අදාළ තීරණය ගනු ලැබූ බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk