2026-03-09 11:46:00 Hours
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 120 සීමාවට ලංව තිබෙනවා.
මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 117.65ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
තවද අමෙරිකානු WTI බොරතෙල් මිල ද 28.3%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
එහි බැරලයක් ඩොලර් 116.62ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා තවදුරටත් පැවතීම සහ සැපයුම සීමාවීම හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk