2026-04-25 21:48:00 Hours
ඊයේ (24) දිනයේ දී පිලී පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කර නැවත කොළඹ බලා පැමිණීමේ දී කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේදී යළි පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (25) පස්වරු 6.25ට පමණ මෙම පීලි පැනීම සිදුව ඇති බවයි.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් නැවත වරක් අවහිර වී තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුව හා වැල්ලවත්ත අතර එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවන කටයුතු මේ වන විට සිදුකෙරෙනු ලබනවා.
ඊයේ (24) උදෑසන පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කර නැවත කොළඹ බලා ධාවනය කරමින් තිබියදී මෙම පිලී පැනීමට ලක්ව ඇති බව සඳහන්.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ නැවත පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය නැවත පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයිද අවහිර වූ මුහුදුබඩ දුම්රිය මාර්ගය අද දිනයේම නැවත විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk