2025-04-19 10:21 Hours
මෙරට සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට සහය වීම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මුදල්වලින් රුපියල් මිලියන 86.1කට සිදුවූ දේ පිළිබඳ තොරතුරු නැතැයි සමාජ හා ආගමික මධ්‍යස්ථානය (CSR) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් උපුටා දක්වමින් ශ්‍රී ලංකා ගාඩියන් පුවත් වාර්තා කරයි.
එම වාර්තාවට අනුව කොළඹ අගරදගුරු පදවියේ සමාජ අංශය වන සෙත් සරණ විසින් වින්දිතයින්ට සහාය වීම සඳහා දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් මිලියන 350.7 ක් ලැබී තිබුණි.
මෙම මුදලින්, නිශ්චිත වියදම් කාණ්ඩ සඳහා වාර්තාවේ ලැයිස්තුගත කර ඇත්තේ රුපියල් මිලියන 264.6 ක් පමණකි.
ඉන් ළමා අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 102 ක්, රජය සමඟ සහයෝගයෙන් නිවාස ඉදිකිරීමට අවශ්‍යය ඉඩම් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 53 ක්, වින්දිතයින්ගේ දෛනික වියදම් සඳහා රුපියල් මිලියන 35 ක්, වෛද්‍ය වියදම් සඳහා රුපියල් මිලියන 17.8 ක්, වන්දි සඳහා රුපියල් මිලියන 16.8 ක්, අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් මිලියන 30 ක් සහ මඩකලපුවේ සියොන් පල්ලිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 10 ක් ඇතුළත් ය.
ඉතිරි රුපියල් මිලියන 86.1 භාවිතා කිරීම ගැන එම වාර්තාවේ නිශ්චිතව දක්වා නොමැත.
එම වාර්තාවට අනුව, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයගේ නිශ්චිත සංඛ්‍යාව තවමත් තහවුරු කර නොමැත.
'වසර 5කට වැඩි කාලයක් ගත වී ඇතත්, වින්දිතයින් සංඛ්‍යාව තවමත් නිශ්චිත නැත' යනුවෙන් එහි සඳහන් වේ.
මෙය අරමුදල් බෙදා හැරීමට බලපෑමක් ඇති කරන බවත්, සමහර බලපෑමට ලක් වූ පවුල් මූල්‍ය ආධාරවලින් බැහැර වී ඇති බවත් එහි තවදුරටත් සඳහන් ය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව සිදුවෙමින් පවතින නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ යාවත්කාලීන කිරීම් ද වාර්තාවේ අඩංගු වේ.
මෙම සිද්ධියට අදාළ පවතින නඩු කඩිනම් කිරීම, ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීම, වින්දිතයින්ට ප්‍රමාණවත් වන්දි සහතික කිරීම, සියලුම නිල වාර්තා ප්‍රසිද්ධ කිරීම සහ බලපෑමට ලක්වූවන්ගේ නිශ්චිත සංඛ්‍යාව සත්‍යාපනය කිරීම වැනි තවත් නිර්දේශ ද වාර්තාවේ ඇතුළත් ය.
2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල වූයේ කොළඹ, මීගමුව සහ මඩකලපුවේ පල්ලි සහ හෝටල් ඉලක්ක කර ගනිමිනි.
එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 260 කට වැඩි පිරිසක් මිය ගොස් 400 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
නීතිමය කටයුතු, වන්දි ගෙවීමේ කටයුතු සහ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතී.
අදාළ වාර්තාව පහතින්.
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 6යි - CSR වාර්තාව by Prabodha Hettiarachchi on Scribd
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk