2026-02-11 16:21:00 Hours

දෙවන සුපිරි පන්දුවාරයෙන් ඇෆ්ඝන්වරුන් පරදා දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක්


...

ලෝක කුසලාන තරඟාවලියේ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්ථාන අතර පැවැති තරඟයේ දෙවන සුපිරි පන්දුවාරයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 4ක විශිෂ්ඨ ජයක් ලබා ගත්තා.

අහමාබාද් හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථානය පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබා ගනු ලැබුවා.

එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් Ryan Rickelton ලකුණු 61ක් සහ Quinton de Kock ලකුණු 59ක් රැස්කළා.

Azmatullah Omarzai ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.

ලකුණු 188ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 187ක් ලබා ගැනීම සමඟ තරඟයේ ජය පරාජය සුපිරි පන්දුවාරයකින් තීන්දු කිරීමට සිදු වුණා.

ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් දියත් කළ Rahmanullah Gurbaz ලකුණු 84ක් ලබා ගනු ලැබුවා.

ඒ අනුව සුපිරි පන්දුවාරයේ ලකුණු 17ක් ලබා ගැනීමට ඇෆ්ඝනිස්ථානය සමත් වුණා.

ලකුණු 18ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි පන්දුවාරයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක ලබා ගැනීම සමඟ තරඟයේ අවසන් ප්‍රතිඵලයක් ලබා ගැනීම තවත් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වුණා.

ඒ අනුව දෙවන සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 23ක් ලබා ගනු ලැබුවා.

ලකුණු 24ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට දෙවන සුපිරි පන්දුවාරයේ ලබා ගැනීමට හැකි වුයේ කඩුලු 2කට ලකුණු 19ක් පමණි.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන සුපිරි පන්දුවාරයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk