2026-02-11 21:18:00 Hours

කස්සප හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනාට ඇප


...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10 දෙනා ඇප මත මුදා හරින ලෙස ත්‍රිකුණාමලය මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අදාළ සැකකරුවන් පිරිස සම්බන්ධයෙන් අදාළ ඇප ඉල්ලීම අද (11) මහාධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේ දීයි.

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂූන් වහන්සේ සිව් නමක් ඇතුළු සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය සඳුදා මෙම සැකකරුවන් පිරිස ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥවරිය ඔවුන්ගේ ඇප අයැදුම් සම්බන්ධව විරෝධතා ගොනු කිරීමට දින 2ක කාලයක් ඉල්ලා සිටියා.

පසුව රජයේ නීතිඥවරියගේ ඉල්ලීමට අවසර ලබාදෙමින් මහාධිකරණය ඇප අයැදුම් පිළිබඳව මුලික විරෝධතා වෙතොත් ඉදිරිපත් දන්වමින් ඇප අයැදුම් සලකා බැලීම අද (11) දින දක්වා කල් තැබුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk