2026-02-11 13:39 Hours
වත්මන් රජය රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින් සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂයේ හිතවතුන් එය සඳහා පත් කරමින් සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් සංචාරයක් සඳහා අරමුදල් අනුමත කිරීමේ සිද්ධියකට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබඳව මෙහිදී හිටපු ජනාධිපතිනිය විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.
ඇය පෙන්වා දෙන්නේ සමන් ඒකනායක මහතාව පෞද්ගලික හඳුනන බවත් ඔහු ඉතා අවංක සහ ඉහළ වෘත්තීය මට්ටමක රාජ්‍ය නිලධාරියෙකු බවත්ය.
තවද යුක්තිය පසිඳලීම තෝරාගත් පිරිසකට පමණක් සීමා වීම රටේ පාලන පද්ධතියට බරපතළ තර්ජනයක් බවද හිටපු ජනාධිපතිනිය පවසනවා.
"වෘත්තීය මට්ටමේ, කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ඉදිරියට යා නොහැකියි. දේශපාලන නායකයන්ට පරිපාලන පළපුරුද්දක් නොතිබුණද, ඔවුන්ට නොසැලෙන අවංකභාවයක් තිබිය යුතු අතර රට පාලනය කිරීමේදී වෘත්තීය මට්ටමේ නිලධාරීන් මත විශ්වාසය තැබිය යුතුයි. අපගේ ශ්‍රේෂ්ඨ ජාතිය නැවත ගොඩනඟන්නේ කෙසේදැයි ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කළ යුතුයි"
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk