2026-01-05 19:56:00 Hours

මදුරෝ යටත් කර ගැනීමෙන් පසු රන් සහ රිදී ඇතුළු ලෝහවල මිලට වුණු දේ


...

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත් කර ගැනීම සමඟ රන්, රිදී සහ වටිනා ලෝහවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද (05) උදෑසන ආසියානු වෙළෙඳපොලේ රන් අවුන්සයක් ඩොලර් 4408ක් පමණ වූ බවයි.

එහිදී රිදී 3.5%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබූ බවද සඳහන් වනවා.

මේ අතර බොරතෙල් මිල සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.

එම කලාපයේ කොටස් මිල බොහෝ දුරට ඉහළ ගොස් තිබූ බවද වාර්තා වනවා.

2025 වසරේ රන් සහ රිදී මිල වාර්තා වූ ඉහළම අගයට ළඟා වුණා.

ගත වූ වසර අවසානයේ දී යම් පහත වැටීමක් සිදු වුවද රන් මිල තවමත් 1979 වසරේ සිට එහි ඉහළම වාර්ෂික අගය වාර්තා කරමින් පසුගිය දෙසැම්බර් 26 වනදා වන විට 60%කට වඩා ඉහළ ගොස් ඩොලර් 4549.71ක ඉහළම අගයට ළඟා වී තිබෙනවා.

වෙනිසියුලාව තුළ වොෂින්ටනයේ මැදිහත් වීම බොරතෙල් සැපයුමට බලපාන්නේ දැයි ආයෝජකයින් විසින් අවධානයෙන් සිටිය ද පසුව එය තරමක් අඩු වීමක් පෙන්නුම් කර ඇති බව සඳහන්.

වෙනිසියුලානු යටත් කර ගැනීමෙන් පසු වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සංචිතවලින් ප්‍රයෝජන ගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk