2026-01-07 14:47:00 Hours
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දින එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රුපියල් 310.02ක් වාර්තා වී තිබෙනවා.
2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ අගය මෙලෙස රුපියල් 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වනවා.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික අනුපාතික සටහනට අනුව අද (07) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 306.28 ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 313.81ක් ලෙස සටහන්ව තිබෙනවා.
ගතවූ වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%කින් අවප්‍රමාණය වී ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk