2026-01-04 10:27:00 Hours

ඉන්දු බංගලි වාර්ගික ගැටුම නිසා ලෝක කුසලානයේ දී ලංකාවට ලොකු චාන්ස් එකක් ලැබෙන ලකුණු


...

ඉන්දියාව සහ බංග්ලාදේශ අතර පවතින වාර්ගික මතභේද හේතුවෙන් එළැඹෙන ලෝක කුසලානයේ ඉන්දියාවේ දී පැවැත්වෙන තරඟවලට සහභාගී වීමට අකමැති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔවුන් ලෝක කුසලානයේ ක්‍රීඩා කරන සියලු තරඟ ලංකාවේ පවත්වන ලෙස මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක Mustafizur Rahman කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය සම්බන්ධව ක්‍රිකට් ලෝලීන්ගේ අතර දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොල්කටා කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම තීරණයෙන් පසු එම කණ්ඩායමට ආදේශ කරන ක්‍රීඩකයා සම්බන්ධව මෙතෙක් තීන්දු කර නැහැ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk