2026-03-04 11:43:00 Hours

රන් වෙළෙඳපොළේ සැලකිය යුතු වෙනසක්


...

ලෝකයේ රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13000ක් පහළ ගොස් ඇති බව වාර්තා වනවා.

වෙළෙඳපොල වාර්තා පෙන්වා දෙන්නේ අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 376500ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

එය ඊයේ (03) දැක්වුණේ රුපියල් 388500ක් ලෙසයි.

මේ අතර ඊයේ (03) රුපියල් 420000ක් ලෙස පැවැති කැරට් 24 රන් පවුමක මිල අද වන විට 407000ක් දක්වා පහත වැටී ඇති බවද වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk