2026-03-13 10:12:00 Hours
ශ්‍රී ලංකාව අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීම සම්බන්ධව අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාගෙන් සිදුකළ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබෙනවා.
මෙරට රජය මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාවයට එල්ල විය හැකි බලපෑම කර ගැනීම වෙනුවෙනි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය මාර්තු 6 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුරදී එරට විදේශ අමාත්‍යවරයා මේ සම්බන්ධව සාකච්ඡා කළ බවයි.
මැදපෙරදිග යුද තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීම සම්බන්ධව මෙහිදී විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවකට නිරත වී තිබුණා.
මේ අනුව අමාත්‍යවරයා මෙම ඉල්ලීම සම්බන්ධව ඉන්දීය රජය සිය ධනාත්මක ප්‍රතිචාරය ලබාදී ඇති බව වාර්තා වනවා.
ඒ සඳහා ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් පවතින බව සඳහන්.
මෙමඟින් ඉදිරි කාලසීමාව තුළ මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇති.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk