2026-05-24 11:29:00 Hours
ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FCCISL) නව සභාපතිවරයා ලෙස ආචාර්ය රොෂිත සිල්වා පත් කර තිබෙනවා.
ඒ, 2026 සිට 2028 දක්වා කාලසීමාව සඳහා පැවති 49 වන වාර්ෂික මහා සභා රැස්වීමේදීයි.
COYLE හි හිටපු සභාපතිවරයෙකු වන ඔහු FCCISL සභාපති ධුරයට පත් වූ පළමු අවස්ථාවද මෙය වනවා.
වසර 53ක ඉතිහාසයක් ඇති FCCISL, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධානතම ආයතනයක් ලෙස සැලකෙන අතර, වාණිජ මණ්ඩල සහ ව්‍යාපාරික සංගම් 63කට අධික ජාලයක් නියෝජනය කරමින් ව්‍යාපාර 100,000කට වැඩි සංඛ්‍යාවක ඒකාබද්ධ හඬක් ලෙස ක්‍රියා කරනවා.
ආචාර්ය රොෂිත සිල්වා සඳහන් කළේ, “Vision Sri Lanka 2027” නමින් නව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම, SAARC සහ ආසියා-පැසිෆික් කලාප වෙළඳපොළ සමඟ සම්බන්ධතා වර්ධනය කිරීම සහ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට නව අවස්ථා සලසා දීම එහි ප්‍රධාන අරමුණු බවද ඔහු ප්‍රකාශ කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk