2026-03-08 08:48:00 Hours
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන්දියාවේ Ahmedabad Narendra Modi ක්‍රීඩාංගණයේ දී අද (08) රාත්‍රී 7ට මෙම තරඟය පැවැත්වෙනු ඇති.
අවසන් මහා තරඟය ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙනවා.
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයක් සඳහා ඉන්දියාව මීට පෙර අවස්ථා 3කදී සුදුසුකම් ලබා තිබෙනවා.
ඉන් අවස්ථා දෙකකදී ඉන්දියාව ශූරතාව හිමි කරගැනීමට සමත් වුණා.
2014 වසරේ දී පමණක් ඉන්දියාව අනුශූරතාව හිමි කරගනු ලැබුවා.
එම වසරේ ශ්‍රී ලංකාව ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.
නවසීලන්ත කණ්ඩායම 2021 වසරේ දී පමණක් ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබුවා.
එහිදී නවසීලන්තය අනුශූරයන් බවට පත්වූ අතර ඕස්ට්‍රේලියාව ශූරයින් බවට පත්වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk