2025-10-31 20:23:00 Hours
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සැප්තැම්බර් මස 1.5%ක් වූ උද්ධමනය ඔක්තෝබර් මසදී 2.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඔක්තෝම්බර් මස දී ආහාර කාණ්ඩයේ උද්ධමනය 3.5%ක් දක්වා වැඩි වී අතර එය සැප්තැම්බර් මසදී 2.9%ක් ලෙසද සටහන් වී තිබුණා.
සැප්තැම්බර් මසදී 0.7%ක් ලෙස සටහන්ව තිබූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මසදී 1.4%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk