2025-11-18 19:12:00 Hours

මම යන්නේ නෑ - නුගේගොඩ රැලියට එරෙහි පළමු ගල නවින්ගෙන්


...

ලබන 21 වනදා නුගේගොඩ දී ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන රැළියට තමා සහභාගී නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ නායක නවීන් දිසානායක මහතා පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කරනවා.

"ආණ්ඩුවට විරෝධය පළකිරීමේ නුගේගොඩ රැලියට සහභාගී නොවන බව මම මගේ ස්ථාවරය පැහැදිලි කරමින් එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවට ඔක්තෝබර් 30 වෙනිදා දැනුම් දුන්නෙමි.

එහිදී මම ප්‍රකාශ කළේ , සමගි ජන බලවේගය ඇතුළු සියලුම විපක්ෂ දේශපාලන පක්ෂ සහභාගී කර ගැනීමකින් තොරව සිදුකරන විරෝධතා ප්‍රතිඵලදායී නොවන නිසා ආණ්ඩුවට විරෝධයපාන සෑම උත්සාහයක්ම සියලු දෙනා එකාබද්ධ වී ගත යුතු බවයි.

එසේ නොකළහොත් එය අසාර්ථක උත්සාහයක්වනවා සේම මගේ වෘත්තීය ජීවිතයේදී නැවත කිසි දිනෙක පොහොට්ටුව සමඟ සම්බන්ධ වීමට මට අවශ්‍ය නැති බවත් එහිදී මම එක්සත් ජාතික පක්ෂ කලමනාකරණ කමිටුවට දැනුම් දුන්නෙමි."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk