2026-01-10 18:46:00 Hours

බංග්ලාදේශය ක්‍රිකට් කවුන්සිලය වෙත නැවත ලියයි


...

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමේ දී බංග්ලාදේශ කණ්ඩායමට ඇති අවදානම සම්බන්ධව සලකා බලන ලෙස ඉල්ලා එරට ක්‍රිකට් ආයතනය නැවත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලිඛිතව දැනුම් දී තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීම පිළිබඳව බංග්ලාදේශ ක්‍රීඩකයින් තුළ ද මේ වන විට යම් අවිනිශ්චිතතාවක් පවතින බවයි.

සිය ක්‍රිඩකයින්ගේ ආරක්ෂාවට හානිවන අන්දමින් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට සූදනම් නොමැති බවද බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසීෆ් නස්රුල් පවසනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk