2025-10-30 10:05 Hours
තමා සම්බන්ධ කරමින් සමාජ මාධ්යයේ සංසරණය වන ඡායාරූපයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය විසින් සිය ෆෙස් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා.
ඇය එහිදී සඳහන් කර ඇත්තේ අදාළ ඡායාරූපය කිසියම් අයුරකින් සංස්කරණය කරන ලද්දක් වනවා නම් ඒ පිළිබඳව තමන් නීතිමය ක්රියාමාර්ග ගන්නා බවයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් විවාහ මංගල්යයට තමා සහභාගී නොවූ බවත්, එම උත්සවයේ තමන් කිසිඳු අවස්ථාවක ආරාධිතයෙකු නොවූ බවත් මන්ත්රීවරිය වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.
''සමාජ මාධ්යයෙහි සංසරණය වන මහින්ද රාජපක්ෂ මහතා සමඟ මා පෙනී සිටින ආකාරයේ දැක්වෙන ඡායාරූපයෙහි සිටින්නේ මා නොවන බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නිල පිටුවෙහි සඳහන් එකී මංගල උත්සවයට මා සහභාගී නොවූ බවත්, එකී මංගල උත්සවයෙහි මා ආරාධිතයෙකු නොවන බවත් පාක්ෂිකයන් වෙනුවෙන් ලියා තබනෙමි.
යම් හෙයකින් මෙය සංස්කරණය කරන ලද්දක් වේ නම් නීතිමය ක්රියාමාර්ග ගන්නා බවට ද මෙයින් දන්වා සිටිමි.''
මේ සම්බන්ධයෙන් Lanka Live අප ද මන්ත්රීවරියගෙන් විමසීමක් කළා.
එහිදී ඇය පැවසුවේ මෙම ඡායාරූපයට ප්රචාරය ලබාදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තමා අනුකම්පා කරන බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk