2026-01-10 18:21:00 Hours

බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන නියමු වැඩසටහන ඌව පළාතටත්


...

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල යටතේ ඌව පළාත තුළ බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධව හඳුන්වා දීමේ වැඩසටහන ඊයේ (09) බදුල්ල ඌව පළාත් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

මෙම වැඩසටහනේ දී ඌව පළාත් මඟී ප්‍රවාහන අධිකාරිය හා සම්බන්ධ සියලුම බස් හිමියන් සහ බැංකු නියෝජිතයින් දැනුවත් කරනු ලැබුවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසන්නේ බැංකු කාඩ්පත් මඟින් ඩිජිටල් ගෙවීම් ලබා ගැනීමේ පහසුකම සහ එයින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව විස්තරාත්මක දැනුවත් කිරීම සිදුකළ බවයි.

මාස කිහිපයක් තුළ ඌව පළාත් මඟී ප්‍රවාහන අධිකාරියට අයත් සියලුම බස් රථ සඳහා මෙම ඩිජිටල් ගෙවීම් පහසුකම ලබාදීම සඳහා බස් හිමියන් මෙහිදී එකඟ වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk