2026-01-10 14:57:00 Hours

ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනගන්න පුළුවන් එජාප සජබ ආණ්ඩුවකින් විතරයි


...

වර්ථමානයේ පවතින මෙරට ආර්ථිකය නැවත ගොඩනගන ආණ්ඩුව බිහිවන්නේ එක්සත් ජාතික පක්ෂ සහ සමඟි ජන බලවේග එකතුවකින් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගයේ එකතුව සම්බන්ධව මාධ්‍යයට ප්‍රකාශ සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය ඒකාබද්ධව ක්‍රියා කර රටේ ආර්ථිකය සමාජ ප්‍රශ්න විසඳීම සඳහා ක්‍රියා කරන බවයි.

එක්සත් ජාතික පක්ෂයත් සමඟි ජන බලවේගයත් එකට ක්‍රියා කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත් එකම මතයක් දරන කණ්ඩායම් පක්ෂ දෙක නියෝජනය කරන නිසා එකතුව ඉදිරියට ගෙන යාමට කිසිඳු බාධාවක් කිසිවිටෙක මතු නොවන බව ස්ථිර බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk