2025-12-06 08:28:00 Hours

රෙහාන් සජබය හැර යයි


...

සමඟි ජන බලවේගයේ වැලිගම හිටපු නගරාධිපති වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා සිය පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

විපක්ෂ නායක සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඔහු මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කර ඇති බව සඳහන්.

එහිදී ඒ මහතා පෙන්වා දී ඇත්තේ සිය පෞද්ගලික මතවාදය තවදුරටත් පක්ෂයේ මඟ පෙන්වීම සමඟ නොගැලපෙන බවයි.

දේශය කෙරෙහි ඇති වගකීම පෙරදැරි කරගෙන ස්වාධීන දේශපාලන මාවතක් තෝරා ගැනීමේ අභියෝගාත්මක තීරණයකට එළඹෙන බවද සිය ලිපියෙන් හිටපු නගරාධිපතිවරයා සඳහන් තිබෙනවා.

තමා විසින් ගත් මෙම තිරණය තම වඩාත් අර්ථවත් කිරිමේ අරමුණින් ගත් එකක් බවද ඒ මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk