2025-11-08 11:05 Hours
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ඉන්දීය නිල සංචාරයට මන්ත්‍රීවරුන් කිසිවෙක් හෝ සහභාගී කර නොගැනීම පිළිබඳව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි නොසතුටට පත්ව ඇති බව වාර්තා වනවා.
පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ඔවුන් නායකත්වය දැඩි ලෙස විවේචනය කර ඇති බවයි.
විපක්ෂනායකවරයා මෙවැනි නිල හමුවලට යාමේදී අඩු තරමින් ආර්ථිකය සහ විදේශ කටයුතු ඇතුළු විශේෂිත විෂයයන් හි ප්‍රාමාණික දැනුමක් ඇති මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් හෝ සම්බන්ධ කර ගත්තේ නම් එය ඉතා ඵලදායි වනු ඇති බවද බොහෝ දෙනා මතය වී තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම නිල සංචාරයට සහභාගී විඅත්තේ ඔහු සහ පක්ෂයේ තවත් නිලධාරියෙක් පමණි.
මෙම ඉන්දීය සංචාරයේ දී විපක්ෂ නායකවරයා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා, විදේශ ඇමති, මුදල් ඇමති ඇතුළු රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක් මුණ ගැසී සාකච්ඡා කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk