2026-01-09 23:01 Hours
දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ වෙඩි තැබීමක් අද (09) රාත්‍රී 7.45ට පමණ සිදුවුණා.
හෝටලයට පැමිණ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකු එම හෝටලයේ හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණා.
මෙහිදී එම හිමිකරුගේ හිසට වෙඩි වැදී තිබෙනවා.
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එහි හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළා.
වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් යතුරු පැදියකින් පලා ගොස් ඇති බව පොලීසිය සැකපළ කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk