2026-01-07 10:03:00 Hours

ඉන්දියාවේ තියෙන තරඟ වෙනස් නොකරොත් බංගලියෝ ලෝක කුසලානයෙන් ඉවතට


...

බංග්ලාදේශ කණ්ඩායමේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ පැවැත්වෙන ස්ථාන පිළිබඳව මෙතෙක් කිසිඳු වෙනසක් සිදුකර නොමැති බව වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ අදාළ තරඟ පැවැත්වීමට ආරක්ෂක අවදානමක් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් එම කරුණ පිළිබඳව අවසන් තීරණය ජනවාරි 10 වනදාට පෙර ගනු ලබන බවද එම කවුන්සිලය පැවසුවා.

මේ අතර බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල අධ්‍යක්ෂ අසිෆ් අක්බර් පවසා ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමේ ලෝක කුසලාන තරඟ පවත්වන ස්ථාන ඉන්දියාවේ නොපවත්වා එම තරඟ ශ්‍රී ලංකාවට වෙනස් නොකළහොත් බංග්ලාදේශ කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් වන බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk