2026-03-13 11:41:00 Hours
ඉරාකයේදී අමෙරිකානු හමුදා ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි
ඉරානයට එරෙහි යුද්ධයේ මෙහෙයුම් සඳහා යොදා ගත් අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකය තුළදී අනතුරට ලක්ව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 'Boeing KC-135 Stratotanker' වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයකි.
මේ බව අමෙරිකානු හමුදාව තහවුරු කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ තම හමුදා වෙතින් එල්ල වූ ප්‍රහාරයක් නොවන බව මේ වන විට වාර්තා වනවා.
සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉන්ධන පිරවීමේ දී ඇති වූ සිදුවීමක් බවයි.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා පවසන්නේ ඉරාකයේ සිදුවූ මෙම අනතුරෙන් පසු ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.
මේ අතර ඉරාකයේ බටහිර ප්‍රදේශයේ දී අමෙරිකානු හමුදාවට අයත් KC 135 වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් කඩා වැටීමේ සිද්ධියේ වගකීම ඉරානයේ සහාය ලබන ඉරාක ඉස්ලාමීය ප්‍රතිරෝධී ව්‍යාපාරය විසින් භාරගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තම නිල ටෙලිග්‍රෑම් නාලිකාව හරහා නිවේදනයක් නිකුත් කරමින් එම කණ්ඩායම මේ බව පවසා ඇති බවයි.
තමන් සතු ගුවන් ආරක්ෂක පද්ධති මඟින් අදාළ ගුවන් යානය ඉලක්ක කර සාර්ථක වෙඩි තබා බිම හෙලූ බවද ඔවුන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් අමෙරිකානු මධ්‍යම විධානය මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා.
ඉරාන පාලනය තලා දමනවා - ඊශ්‍රායල අගමැති
යුද්ධය ආරම්භ වීමෙන් පසු පැවති පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (12) පෙනී සිටියා.
එහිදී ඔහු කියා සිටියේ ඉරාන පාලනය තලා දමන බවයි.
ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරාන පාලනය සහ ලෙබනනය පදනම් කරගත් ෂියා මිලීෂියා කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානයන් යන දෙකම තලා දමන බවත් ඉරානයේ නව උත්තරීතර නායක මොප්තාබා කමේනිට ප්‍රසිද්ධියේ තම මුහුණ පෙන්විය නොහැකි බවත් ඉරාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
බෙන්ජමින් නෙතන්යාහු හඳුන්වා ඇත්තේ විප්ලවවාදී ආරක්ෂකයින්ගේ රූකඩයක් ලෙසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා'. "ඔබට නිදහසේ නව මාවතකට පිවිසීමට හැකි වන මොහොත ළඟා වෙමින් තිබෙන අතර. අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිමු,ඔබට උදව් කරන්නෙමු, නමුත් අවසානයේ එය ඔබ මත රඳා පවතී. එය ඔබගේ අතේ ය ".
මොප්තාබා කමේනි සුළු තුවාල - ඉරාන ප්‍රකාශකයෙක් රොයිටර්වලට කියයි
නව ඉරාන උත්තරීතර නායක මොප්තාබා කමේනි ජීවතුන් අතර බවත් ඔහුගේ පියා වන හිටපු උත්තරීතර නායකයා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි යුද්ධයේ පළමු දිනයේ මියගිය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
රොයිටර් පුවත් සේවය වාර්තාවක පෙන්වා දෙන්නේ මොප්තාබා ජීවතුන් අතර සිටිය ද ඔහුට හානි සිදුවී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බවයි.
ඉරිදා පූජක සභාවක් විසින් කමේනි තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව ඉරාන වැසියන් ඔහුව දැක නොමැති බව ට්‍රම්ප් මෙහිදී සඳහන් කර තිබෙනවා.
ට්‍රම්ප් පෙන්වා දෙන්නේ ඔහුගේ පළමු කතාව බ්‍රහස්පතින්දා රූපවාහිනී නිවේදකයෙකු විසින් ඉදිරිපත් කළ බවයි.
මේ අතර ඉරාන නිලධාරියෙක් රොයිටර් පුවත් සේවය පවසා ඇත්තේ අලුතින් පත් කරන ලද උත්තරීතර නායකයා සුළු තුවාල ලබා ඇති නමුත් ඔහු දිගටම මෙහෙයුම් කටයුතුවල නියැලී සිටින බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk