Home / Events / කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ 3 වැනි දා ඇරඹේ

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ 3 වැනි දා ඇරඹේ

නාට්‍යෙව්දී එම්. සෆීර් ප්‍රමුඛ ‘ඉන්ටර් ඇක්ට් ආර්ට්’ 8 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල 2019’ මෙම අගෝස්තු මස තුන්වෙනිදා සිට 9 වැනි දා දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ප්‍රවීන නාට්‍ය ශිල්පි ජයලත් මනෝරත්නයන්ට උපහාර පුද කරනු පිණිස මෙවර නාට්‍ය උලෙළ ‘ජයලත් මනෝරත්න අභිනන්දන නාට්‍ය උලෙළ’ ලෙස නම් කර ඇති අතර ඊට ජර්මනිය, ඇමරිකාව, රැමේනියාව, ඕස්ට්‍රේලියාව, පකිස්ථානය, ඉන්දියාව යන රටවල් වල නාට්‍ය කණ්ඩායම් සහභාගි වීමට නියමිතය.

ආරම්භක උත්සවය අගෝස්තු 3 වැනි දා පස්වරු 07ට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන අතර නාට්‍ය දර්ශන 4 වැනිදා සිට 09වැනිදා දක්වා දිනපතා පස්වරු 06.30 මරදාන එලෆිස්ටන් රඟහලේ දී රඟ දැක්වේ. එහි දී නූතන නාට්‍ය කලාවේ ප්‍රගමනයට හේතුවන නාට්‍ය 13ක් වේදිකා ගතකිරීමට නියමිතය.

Manoj

Leave a Reply

Your email address will not be published. Required fields are marked *