Breaking News
Home / News / ජනාධිපති අපේක්ෂකයන්ට බාලගිරි දෝෂේ

ජනාධිපති අපේක්ෂකයන්ට බාලගිරි දෝෂේ

එළැඹෙන ජනාධිපතිවරණයට සිය අපේක්ෂකයන් නම් කිරීම් ප්‍රධාන පක්ෂ දිනෙන් දින කල්හරිමින් සිටී. ලබන අගෝස්තු 11 දින පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සමුළුවේදී අපේක්ෂකයා කවුදැයි යන්න ප්‍රකාශයට පත් කෙරෙන බව කලින් දැන ගන්නට තිබුණද එදින එය ප්‍රකාශයට පත් නොකරන බව මේ වන විට දැන ගන්නට තිබේ.

ජනාධිපතිවරණයට මුහුණ දීම සදහා පොහොට්ටුවත් ශ්‍රී.නි.ප.ය අතර සන්ධානයක් ඇති කර ගැනීම සදහා මෙතෙක් පැවති සාකච්ඡාවලද තීරණාත්මක අවසානයක් දකින්නට නැත.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ මූලිකත්වයෙන් පිලිගත් දේශපාලන පක්ෂ සමූහයක් සහ සිවිල් සංවිධාන විශාල සංඛ්‍යාවක් එක්ව අගෝස්තු 5 දා පිහිටුවන ලබන ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තිරණය කිරීම ජානාධිපතිවරණය නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීම තෙක් කල් දමා ඇත.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ තම අපේක්ෂකයා අගෝස්තු 18 වන දින ප්‍රකාශයට පත්කරන බව එහි ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

Check Also

සහාය කාටදැයි දෙමළ ජාතික සන්ධානයේ තීරණය පසුවට

ඉදිරි ජනාධිපතිවරණයේදී  කුමන අපේෂකයාට සහාය දැක්විය යුතුද යන්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානය  මෙතෙක් තීරණයක් ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *