Breaking News
Home / Arts / විජයබා කොල්ලය අගෝස්තු 1 වන දා සිට

විජයබා කොල්ලය අගෝස්තු 1 වන දා සිට

විජයබා කොල්ලය අගෝස්තු 1 වෙනිදා සිට 3 D තාක්ෂණයෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා හල්වල ප්‍රදර්ශනය වේ.

ත්‍රිමාන (3D) තාක්ෂණික උපදෙස් මත රූ ගත කළ පළමු සිංහල චිත්‍රපටය වූ විජයබා කොල්ලය අගෝස්තු 1 වෙනි දා සිට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය වේ. සාහිත්‍යකීර්ති ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ ‘විජයබා කොල්ලය’ නවකතාව ඇසුරෙන් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් මෙය අධ්‍යක්ෂණය කර ඇත.

‘360 ප්‍රඩක්ෂන්ස්’ වෙනුවෙන් බුද්ධික විජයරත්න සහ සමින්ද වතවනවිතානගේ පමුඛ කාර්මික ශිල්පීන් පිරිසකගේ ත්‍රිමාණ තාක්ෂණ උපදෙස් මත කාර්මික ශිල්පීන් 30කට අධික පිරිසක් ත්‍රිමාණ නිෂ්පාදන කටයුතු කළ මේ චිත්‍රපටය සරසවි සිනේරූ වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමසිරි විසින් නිෂ්පාදනය කර ඇත. කුමුදුනී ඩයස් හපුතන්ත්‍රි, චන්ද්‍ර හපුතන්ත්‍රි, චාන්ද්‍රි හපුතන්ත්‍රි යන අය සහය නිෂ්පාදනයෙන් දායක වී ඇත.

විජයබා කොල්ලය තිරනාටකය ආචාර්ය තිස්ස අබේසේකරගෙනි. හේමාල් රණසිංහ, සෙනාලි ෆොන්සේකා, අෂාන් ඩයස්, චුලක්ෂි රණතුංග ප්‍රධාන චරිත නිර්පණය කරන අතර ප්‍රිති රන්දෙනිය, බුද්ධික ජයරත්න, අර්ඩ්ලි වෙදමුනි, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, හාන්ස් බිලිමෝරියා සෙසු චරිත නිරූපණයෙන් දායක වෙති.

විජයබා කොල්ලය කැමරා අධ්‍යක්ෂණෂයෙන් චන්න දේශප්‍රිය, කලා අධ්‍යක්ෂණයෙන් බිමල් දුෂ්මන්ත, වෙස් ගැන්වීමෙන් හර්ෂ මංජුල, වස්ත්‍රාභරණ නිර්මාණයෙන් වෙනුක වික්‍රමාරච්චි, කේෂාලංකාරණයෙන් හරූන් ෂයිදීන්, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, ගායනයෙන් උමාරියා සිංහවංශ සහ සනුක වික්‍රමසිංහ, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, බූඩි කීර්තිසේන දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණයෙන්ද, විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂණයෙන් ද, නිමල් විජයසිරි සේනාධීර නිෂ්පාදන කළමණාකාරිත්වයෙන් ද, ඒ.ඩී. රංජිත් කුමාර නිෂ්පාදන සම්බන්ධීකරණෆයන් ද විජයබා කොල්ලයට දායක වී තිබේ.

මනෝජ්

Check Also

එදා මධුර ගීතයෙන් අප සැනසූ ගලගෙදර හක්ගෙන් අදටත් වැඩක් ගනිමු.

ඔහුගේ නම ගලගෙදර හක්, පසු ගිය දාක මට ඔහු සමග සංවාදයේ යෙදෙන්නට අවස්තාවක් හිමි වුනා …

One comment

  1. පියුමි

    හේමාල් අයිය..ඔයා නියමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *