Breaking News
Home / Kids Tone / ඉගිලෙන්න තටු දෙන්න

ඉගිලෙන්න තටු දෙන්න

ලොව පවතින සකල විධ කලා අතුරින් චිත‍්‍ර කලාවට හිමිවනුයේ සුවිශේෂි ස්ථානයකි’ ආදි මානවයාගේ ගුහා චිත‍්‍රවල සිට වර්තමානයේ නූතන චිත‍්‍ර දක්වා විශාල කාල පරාසයකට හිමිකම් කියන, එමෙන්ම විවිධ ශෛලීන්ට අනුව පෝෂිත වු කලාවක් ලෙස එය හැඳින්විය හැක.

චිත‍්‍ර කලාව තුළ මානවයාගේ මුලික අවධිය වන, ළමා අවධිය තුළ දරුවා තම අතට හසුවන කුමන හෝ ලිවිය හැකි දෙයක් භාවිතයෙන් යම් කිසි තලයක සිදු කරන කුරුටු ගෑමක් ළමා චිත‍්‍ර කලාවේ මුලිකම අවධිය ලෙස හැ`දින්විය හැක. කුඩාම අවධියේදී දරුවන් සිදු කරන්නේ අඟුරු හෝ පාට හුණු කූරක් අතට ගෙන යම් මතුපිටක ඉහළට පහළට තිරස් හෝ සිරස් රේඛා කුරුටු ගෑමකි. එය සිදු කරන්නේ අතේ ඇ`ගිලි සහ බාහුව උපයෝගි කර ගැනීමෙනි. මන්ද යත් එම අවධිය වන විට මැණික් කටුව නවා හසුරුවා ගැනීමේ ශක්තිය දරුවාට නොමැති බැවිනි. ඉන්පසු දරුවාගේ වර්ධනයත් සම`ග චාලක හැකියා වර්ධනය වී රේඛා ද, විවිධ හැඩතල අනුව වෙනස් වනු දැකිය හැක. රවුම් කොටු හැඩ ත‍්‍රිකෝණ වක‍්‍රාකාර රේඛා ඒ අතර සුවිශේෂි වේ.

මෙසේ දරුවා විසින් අ`දිනු ලබන මුලික අවධියේ කුරුටු ගෑම් දෙමාපියන් විසින් මනාව අගය කොට දිරිගැන්වීය යුතුය. වැදගත්ම දේ දරුවාට නිදහසේ ඔහුගේ හෝ ඇයගේ සිතුවිලි දිගහැරීමට ඉඩ සලස්වා දීමයxි එයට කිසි ලෙසකින්වත් දෙමාපිය මැදිහත් වීම් තුළින් ඔවුනට අවශ්‍ය දෙය දරුවා ලවා ඇන්දවීම් හෝ දරුවා විසින් අ`දින ලද දෙයට තමාගේ මනසේ ඇති දෙය ඇතුළු කර අනවශ්‍ය අර්ථ නිරූපණය නොකළ යුතුය.නිදහසේ ළමා මනස    ක‍්‍රියාකාරී වී රේඛා වර්ධනය සිදුවීමට ඉඩ සලසා දිය යුතුය.

දරුවා ගත් කල මුල් අවධියේ පටන් දෙමාපිය වැඩිහිටි පැසසුමට හා දිරිගැන්වීමට ලක් විය යුතු අයෙකි මුල් අවධියේදී දෙමාපියන්ගෙන් හා පවුලේ වැඩිහිටියන්ගෙන් ලැබෙන මෙම සහාය ඔහුගේ පෞරුෂ වර්ධනය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ලබයි. කුඩා අවධියේදී බොහෝ දරුවන් කුරුටු ගෑම සඳහා වැඩි රුචිකත්වයක් දක්වන්නේ නිවසේ බිත්ති මතුපිටයි. මන්ද යත් කඩදාසියකට වඩා නිදහසේ රළු මතුපිටක ඇ`දීම දරුවාට පහසු බැවිනි. මෙය නිවසේ අලංකාරය ගැන පමණක් සිතන බොහෝ දෙමාපියන්ගේ උදහසට හේතුවකි ඇතැමි විට බිත්ති නාස්ති කළ බව පවසමින් දරුවා කායික මෙන්ම මානසික දණ්ඩනයට ලක්වන අවස්ථා ද බොහෝය. එහෙත් නිවසේ අලංකාරයට වඩා දරුවන්ගේ මානසික සෞඛ්‍ය හා පෞරුෂ වර්ධනය පිළිබ`ද සිතන බුද්ධිමත් දෙමාපියන් ද සමාජයේ  ඕනෑ තරම් දැකිය හැක. මා දන්නා වෛද්‍ය යුවලකගේ අලූතින් ඉදිකළ සුඛෝපභෝගි දෙමහල් නිවසේ සුදු පිරිමැදි බිත්ති සිය දරු දෙදෙනාගේ නිදහස් සිතුවිලිවලට මනා ලෙස ගැලපුනි. ඔවුහු රිසි ලෙස තමන්ගේ උසට නිවසේ සියළුම බිත්ති පුරා චිත‍්‍ර ඇන්දෝය. නමුත් මෙම දෙමාපිය  යුවල ඒ පිළිබඳ ඔවුනට දොස් පැවරුවේ නැත. ඔවුන් ඒ ස`දහා විකල්පයක ලෙස සිදු කළේ දරුවන්ගේ සිතුවම් එලෙසින්ම තිබෙන්නට හැර පොලොවේ සිට අඩි 4ක් උසින් බිත්ති සඳහා තීන්ත අලේප කිරීමයි ගෙට ගෙවදීමේ උත්සවයට පැමිණි සියළු දෙනාට දරු දෙදෙනා මහත් අභිමානයෙන් තමා ඇ`දි දැ විග‍්‍රහ කරමින් පෙන්වුයේ ඉතා සතුටිනි එසේම දරු දෙදෙනා මෙන්ම දෙමපියන්ද සියළු දෙනගේම පැසසුමට ලක් විය.  අධික වියදමක් දරා වෙළ`දපොලෙන් මිලදී ගන්නා බිත්ති සැරසිලි හෝ දර්ශණ වෙනුවට තම දරුවන් විසින් අ`දින ලද සිතුවම්, රාමු කර එල්ලෙන්නේ නම් නිවසක් කොතරම් අගනේද?

එය දෙමාපියන් විසින් දරුවන්ට සිදුකරන ඉමහත් ගෞරවයකි. ඒ තුළින් පෞරුෂය වර්ධනය කර ගන්නා දරුවා නිදහස් නිවහල් සිතුවිලි වලින් සමාජය දකින්නට පෙළඹෙනු නොඅනුමානය.

ළමා මනසේ පහලවන නිවහල් සිතිවිලි කෙතරම් සුන්දර ලෙස ළමා චිත‍්‍ර තුළින් ඉදිරිපත් කරන්නේ ද යන්න ගුරු දිවිය තුළ මා ලද හා අසා ඇති අත්දැකීම් කිහිපයක් මෙහි සඳහන් කරනු කැමැත්තෙමි. එක් දරුවෙකු අලියා චිත‍්‍රයට නඟා පාට කර ගුරුතුමිය වෙත ගෙනවිත් දුන්නාය. සියළුම සිසුන් අලියා වර්ණ ගන්වන්නේ බොහෝවිට තනි කළු පැහැයෙන් හෝ අළු වර්ණයෙනි. නමුත් මෙම දැරිය හරියටම අලියා බඩ මැදින් දෙකට වෙන්වන සේ හො`ඩවැල සහිත පැත්ත කොළ වර්ණයෙනුත් පිටුපස කොටස දුඹුරු වර්ණයෙනුත් වර්ණ ගන්වා තිබුණි. එක්වරම ගුරුතුමියට මෙය වටහා ගත නොහැකි වුයෙන් එසේ වර්ණ ගැන්වීමට හේතු වීමසීමේදී අලියා ආහාරයට ගත් කොළ වර්ග කොළ පාටින් ද, ජීර්ණය වී අවසන් වු කොළ, දුඹුරු පැහැයෙන් ඇති බව ද කීවාය. ඇය අනෙක් දරුවන් බාහිරින් දකින අලියා විනිවිද දැක ඇත. එය නිවහල් සිතුවිල්ලක් චිත‍්‍රයක් තුළින් එළි දැක් වු අවස්ථාවකි. තවත් දිනක මගේ නිවස චිත‍්‍රයට නැඟූ එක් ගැමි පාසලක දරුවකු නිවාස හා ගෙවත්ත ඇද  නිවස ඉදිරිපිට බෝතලයක් සිතුවම් කර තිබුණි. ඒ කුමක්දැයි ගුරුතුමිය ඇසූ විට  ඔහු පැවසූවේ එදා සීතලට  පොල්තෙල් බෝතලය මිදී තිබූ නිසා  එය අව්වේ තබා ඇති බවයි.  තමාට ගෝචර වන  එදිනෙදා  අත්දැකීම්  පවා ඒකාකාරී ස්වභාවයෙන් මිදී ළමුන් දකින ලෝකය නිදහසේ ඉදිරිපත් කිරීමට එවන් සියුම් දේ පවා  ගෝචර  කර ගැනීමේ ශක්තියක් දරුවාට ලබා දී ඇතx නැවත දිනක එක් දරුවකු මහින්දාගමනය සිතුවමට නඟා ඇත. සාමාන්‍යයෙන් අපි දැක ඇති මහින්දාගමනය මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසත් අඹ ගසත්, තිස්ස රජතුමා හා මුවාගෙන් සමන්විත වන අතර මෙම චිත‍්‍රයේ විශේෂත්වය වූයේ මිස්සක පව්වට නුදුරින් නවතා ඇති හෙලිකොප්ටරයක් දරුවා ඇද තබීමයි. දඹදිව සිට ලක්දිවට සෘද්ධියෙන් වැඩි ආකාරය දරුවාට ගෝචර වන්නේ එපරිද්දෙනි. මන්දයත් රටකින්  රටකින් රටකට ගුවන් මගින් හෝ නැව් මගින් යන බව ඔහු අසා ඇත.  රහතන් වහන්සේලාද එසේ ගුවන් මගින් වඩින්නට ඇත්තේ  හෙලිකොප්ටරයක ආධාරයකින්  යයි ඔහු උපකල්පනය කරන්නට ඇත.  එහි වරදක් වැඩිහිටියන් වශයෙන් අප නොදැකිය යුතුය.  ඔහුගේ පුංචි මනසට  නැඟුණු සුන්දර  අදහස් දෙස උපහාසයෙන් සිනාසී ඔහුට සෘද්ධිමත්භාවය හා එහි ප‍්‍රාතිහාර්ය පැහැදිලි කිරීමට වඩා  කලාත්මකව නව්‍ය චින්නයකින් ඒ සිදුවීම ඉදිරිපත් කළ අයුරු පිළිබදව පැසසිය යුතු බව මගේ අදහසයි.

තවද මා ලබා ඇති අත්දැකීම්වලට අනුව සිත සමාධිගත කිරීමේ හොඳම අභ්‍යාසයක් ලෙස දරුවන්ට චිත‍්‍ර කලාව කෙරෙහි අභිපේ‍්‍රණය කිරීමට දෙමාපියන් ගුරුවරුන් උනන්දු විය යුතුය. චිත‍්‍ර කලාව තුළින් දරුවන් තුළ  නිරෝගී සිතුවිලි ජනිත වනවා මෙන්ම විනයගරුක නිවහල් සිසු පරපුරක්  බිහි කිරීමට හේතු  වනු ඇත.

කෑ/ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආචාරිනී

නයනා කරුණාරත්න

Like us on Facebook

Default description


This will close in 30 seconds

Leave a Reply

Your email address will not be published. Required fields are marked *