Home / Edification / ඉංග්‍රීසි ඉගැන්වීමේ පහසුම මග

ඉංග්‍රීසි ඉගැන්වීමේ පහසුම මග

තම මව්බස මෙන් වෙනත් භාෂාවක් හෝ භාෂා කිහිපයක් මනා සේ හසුරුවන මිනිසුන් දැක ඔබ ජීවීතයේ පුදුමයට පත් වු අවස්ථා කොතෙකුත් තිබෙන්නට පුළුවන. ඇතැම්විට ඒ කෙසේ ද? එය විශ්මිත හැකියාවක් නොවේදැයි ඔබට අනේකවර සිතෙන්නට ඇත. එම විශ්මිත හැකියාව තම දරුවන් තුළ ඇතිවනු දැකීම බොහෝ මව්පියන් දකින සිහිනයකි. විශේෂයෙන් සිංහල හෝ දමිළ බස මව්බස වශයෙන් කතා කරන අප රටේ දෙමාපියන්ගේ සිහිනය සිය දරුවාට චතුර ලෙස ඉංග‍්‍රීසි බසද හැසිරවීමේ ශක්තිය ලබා ගැනීමයි.

මෙහිදී බොහෝ දෙමාපියන් නඟන මැසිවිල්ලක් වන්නේ දරුවාට ලිවීම හා කියවිමේ ශක්තියෙන් යුක්ත වූවත් ඉංග‍්‍රිසි කතා කිරීමට නොහැකි බවයි එසේත් නොමැති නම් ඉංග‍්‍රිසි භාවිතයට මැළිකමක් දක්වන බවයි.

ඇතැම් අවස්ථාවලදී සිංහල හෝ දමිළ නිවසේ භාවිතා කරන දෙමාපියන් දරුවා ඉංග‍්‍රිසියෙන් කතා කළ යුතු යයි තරවටු කරන අවස්ථා ද නැත්තේම නොවේ. එවන් පරිසරයක දරුවා හුදෙකලා වී ඉංග‍්‍රිසි කතා කරනු ඇතැයි බලාපොරොත්තු වීම විහිළුවකි.

ඒ සඳහා දරුවාට අවශ්‍ය පරිසරය පළමුවෙන් දෙමාපිය වැඩිහිටි පිරිස් විසින් නිර්මාණය කළ යුතුය. සාමාන්‍යයෙන් දරුවකුට ද්විතියික භාෂාවක් ඉගැන්වීම සඳහා හොඳම අවධිය දරුවාගේ පළමු අවුරුද්දයි. මාස 10න් පසු දරුවකු නොයෙක් ආකාරයේ ශබ්ද උච්චාරණය හා අනුකරණයට පෙළඹීම ආරම්භ කරයි. එබැවින් මේ අවධිය තුළ දරුවාට දෙවන බස ලෙස ඉංග‍්‍රිසි භාෂාව ඉගැන්වීම සඳහා ද ඉතා උචිතය. යම් හෙයකින් පළමු අවුරුද්ද තුළ ඔබට දරුවාට ඉංග‍්‍රිසි භාෂාව කෙරෙහි යොමු කරවීමට නොහැකි වුයේ නම් ඊළඟට ඒ සඳහා සුදුසුම කාලය වයස අවු 2 1/2 න් පසු අවධියයි. එහිදී දරුවා හොඳ වාග් මාලාවක් සතු අවධියක් වන බැවින් ද්විතීයික භාෂාවක් සඳහා පෙළඹවීම පහසුය.

ඔබ නිවසේ දරුවාට ඉංග‍්‍රිසි ඉගෙනීමේ හො කතා කිරීමේ පරිසරයක් නොමැති නම් දරුවා ඒ සඳහා සුදුසු පන්තියකට යොමුකරවීමට පුළුවන. එහිදී එම පන්තිය කොතෙක් දුරට ඔබගේ හා දරුවාගේ අවශ්‍යතාවලට ගැලපෙන්නේ ද යන්න සොයා බැලිය යුතුය. පළමුව ගුරුවරයා ඉංග‍්‍රිසි බස මනා ලෙස හසුරන්නේ ද, ඉංග‍්‍රිසියෙන් ම දරුවන් සමඟ ප‍්‍රායෝගිකව භාවිතා කරන්නේ ද යන්න සොයා බැලිය යුතුය. ඊළඟට තම පන්තිය දරුවාට වින්දනීය ස්ථානයක් විය යුතුය. කවි, කතාන්දර, සින්දු, භාෂා ක‍්‍රියාකාරකම් කුඩා තරග ආදිය මඟින් දරුවා ඉංග‍්‍රිසි භාෂාවට නැඹුරු කරවන ස්ථානයක් මිස දරුවා කායිකව හා මානසිකව පෙලෙන ලිවීමට හා කියවීමට මුල්තැන දුන් පන්තියන් නොවිය යුතුය බොහෝ දෙමාපියන් තම නොදැනුවත්කම නිසා දරුවන්ට අධ්‍යාපනය දීමට උත්සහ කරන්නේ දරුවන් කායිකව හා මානසිකව පෙලා දමන ගුරුවරුන් මඟිනි. එයින් දෙමාපියන් හොඳින් තරවටු කොට දරුවාට එම ගුරුවරයා උගන්වන්නේ යයි විශ්වාස කරනු ලබයි. බොහෝවිට එවන් ස්ථාන තුළින් දරුවා ගිරා පෝතක ක‍්‍රමයට Dictation, Reading, Grammar structures ආදිය ඉගෙන ගත්ත ද දරුවාට නිදහසේ කතා කිරීම ස`දහා ඉඩ ප‍්‍රස්තාව නොලැබේ. අප කැමති දේ දරුවාට උගන්වනවාට වඩා දරුවාගේ රුචි අරුචිකම්වලට මුල්තැන දී ඔහුගේ භාෂා හැකියාව ඉස්මතු කිරීම ඉතාම උචිත ක‍්‍රමයයි උදාහරණයක් ලෙස ගුරුවරයා මාතෘකාවක් දෙනවාට වඩා දරුවා කැමතිම සෙල්ලම් බඩුව තෝරාගෙන එය ගැන වාක්‍ය කිහිපයක් පළමුව ඉදිරිපත් කිරීමට උනන්දු කරවිය හැක. එවිට දරුවා තම සෙල්ලම් බඩුව ඉතා ආසාවෙන් පන්තියට රැුගෙන එන අතර එය පිළිබඳ ඉතා ආසාවෙන් කතා කරයි. එසේත් නැතිනම් දරුවා ආසාකරන කාටුන් චරිතය ගුරුවරයාට තෝරා ගත හැක. දරුවාගේ රුචිකත්වය තුළින් ඉංග‍්‍රිසි භාෂාව ඔප් නැංවිමට ගුරුවරයා දක්ෂ විය යුතුය. තම පන්ති කාමරය නිදහසේ දරුවන් ඉංග‍්‍රිසි භාවිතයට හුරු කරවන තෝතැන්නක් කළ යුතුය

වර්තමානයේ දෙමාපියන් බහුතරයකට ඉංග‍්‍රිසි භාෂාව පිළිබ`ද යම් තරමින් හෝ දැනුමක් පවතින බැවින් නිවසේ දී ද දරුවා ඉංග‍්‍රිසි කථනය සඳහා උත්සුක කළ යුතුය. මන්ද යත් සතියකට වරක් පවත්වන පන්තියකින් දෙන දැනුම හා ප‍්‍රායෝගික ඥානය ඊට ප‍්‍රමාණවත් නොවන බැවිනි. දරුවා මේ වන විට මව්බස මනා සේ හසුරුවන බැවින් දරුවාට ද්විතියික භාෂාවක් ලෙෂ ඉංග‍්‍රිසි හුරුකිරීම සඳහා නිවසේ භාණ්ඩවලට කුඩා විධාන ආදිය සඳහා ඔබට ඉංග‍්‍රිසි භාවිතා කළ හැක. එවිට දරුවා මෙතෙක් සිංහල හෝ දමිළ බසින් දැන සිටි නාම ඉංග‍්‍රිසි බසින් ද දැනගනු ඇත. දරුවාට ඉංග‍්‍රිසි කතා කිරීමට නම් හොඳ වාග් කෝෂයක් මුලින්ම සතු විය යුතු වේ. එබැවින් එම ක‍්‍රමය ඉතා ප‍්‍රායෝගිකය එසේම කුඩා විධාන Close the Door Please, Bring me a glass of water darling, Comb your hair, Show me your teeth, brush your teeth, wash your face. ආදී එදිනෙදා ගෙදර දොර භාවිතා කළ යුතු විධාන ඔබට ඉංග‍්‍රිසි භාෂාවෙන් කළ හැකිය එසේම සතියකට වරක් ‘‘ඉංග‍්‍රිසි කතා කරන දිනය (English Speaking Day) ලෙස නම් කළ හැක. ඒ දිනය ඉතාම ආකර්ශනීය මිස කිසි ලෙසකින් දරුවාට වදයක් නොවිය යුතුය. එහිදී දෙමාපිය ඔබට දරුවා අභිපේ‍්‍රරණය සඳහා උපක‍්‍රමයක් ලෙස නිවසේ හතර දෙනෙක් සිටීනම් කුඩා වීදුරු භාජන හතරක් ගෙන එදා දවස තුළ ඉංග‍්‍රිසි භාෂාව හැර මව්බස කතා කළේ නම් ඒ එක් අවස්ථාවකට එක බැගින් තම භාජනයට වීදුරු බෝලයක් හෝ පාට බොත්තමක් දැමීමට පෙළඹවීමට හැක. දවස අවසන දී අඩුම වීදුරු බෝල ගණනක් ඇත්තේ හොඳීන්ම ඉංග‍්‍රිසි කතා කළ කෙනාගේ බැවින් දරුවා ඒ ස`ඳහා උපක‍්‍රමිකව දිරිගැන්විය හැක.

එසේම ? නින්දට කලින් කුඩා කතාන්දර ඉංග‍්‍රිසියෙන් කීමට හුරුකළ හැක. දරුවා හොඳීන්ම දන්නා කතාන්දර මුලින්ම තෝරා ගැනීම හොඳම හා පහසුම ක‍්‍රමයයි. හාවා සහ ඉබ්බා රතු කිකිලි නරියා සහ මිදිවැල, කපුටා සහ කළගෙඩිය මේවා සෑම දරුවෙකුටම කුඩා කල හුරුපුරුදු කතා බැවින් එම දන්නා කතාන්දර මඟින් ආරම්භ කිරීම දරුවාට පහසුවකි. තව ද කතන්දර තුළින් නව නිර්මාණයක් ගොඩනැඟිය හැක පවුලේ සාමාජිකයින් එක් වී පළමු වාක්‍යය ඔබට පටන් ගත හැක Once upon a time there was a little girl…….. සාමාජිකයින් හට ඊළ`ග වාක්‍ය එකතු කොට අමුතුම ආකාරයේ කතාවක් ගොඩනැ`ගිය හැක. ඒ තුළින් දරුවා ඉතා නිර්මාණශීලි ලෙස භාෂාව භාවිතා කිරීමට පෙළඹෙනු ඇත

මෙලෙස දරුවා දිරිගැන්වීම හා මිත‍්‍රශිලි පරිසරයක් සහිතව ඉංග‍්‍රිසි කෙරෙහි නැඹූරු කරවීමට දෙමාපිය ඔබ උනන්දු විය යුතුය. දරුවා සෑම විටම පැසසුමට ලක් කළ යුතුය එවිට ඔහු ඉංග‍්‍රිසි භාෂාව සඳහා දැඩි අභිපේ‍්‍රරණයක් දක්වනු ඇත බොහෝ දෙනාට ඉංග‍්‍රිසි භාෂාව එපා වී ඇත්තේ නපුරු ගුරුවරුන් හා දෙමාපියන්ගේ අමනෝඥ ක‍්‍රියාකාරකම් හේතුවෙනි. නමුත් බුද්ධිමත් දෙමාපියන් ලෙස වර්තමානයේ ඔබට නූතන මාධ්‍ය හා තාක්ෂණය ද මෙවලමක් ද කරගනිමින් දරුවාට ඉංග‍්‍රිසි භාවිතයට යොමුකරගත හැක. එවිට දරුවාගේ මෙන්ම ඔබගේ අභිප‍්‍රායයන් ද හොඳීන් මල්ඵල ගැන්වෙනු ඇත

 කෑ/කෑගලූ විද්‍යාලයේ ආචාර්ය

උපාලි රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *