Home / News / Sports / දකුණු ආසියාණු වයස අවුරුදු16 පහල තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට

දකුණු ආසියාණු වයස අවුරුදු16 පහල තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට

නේපාලයේ කත්මන්ඩු නුවරදි පැවැතිදකුණු ආසියාණු වයස අවුරුදු 16 පහල දැල් පන්දු ශූරතවලිය නිමාවට පත්වූයේ ශ්‍රීලංකාවට ශූරතාවය  හිමිකරගනිමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිත කණ්ඩායමක් ලෙස අවසන් තරගයට පිවිසියේ  ඉන්දීය කණ්ඩායමත් සමගය.  වට හතරක්  අවසානයේදි  ගෝල 28 ට 42 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමිකර ගනු ලැබුවේය.
තරගාවලියේ හොදම  විදින්නියලෙස හිරුනි සෙහානි ද  තරගා වලියේ දක්ෂතම ක්‍රීඩිකාවලෙස  කණ්ඩායම් නායිකා නෙත්මි විජේනායකත් අවසන් තරගයෙ  දක්ෂතම ක්‍රීඩිකාවලෙස හිරුනි ජිනාලි යන අය සම්මාන ලැබුවාය
මේ අතර තරගය ආරභ  කිරීමට මත්තෙන් පසුගියදා  මියගිය ශ්‍රි ලංකා යොවුන් දල්පන්දු කණ්ඩායමේ උපනායිකා මෙලනි අමා විජේ සිංහ ක්‍රීඩිකාව වෙනුවෙන්  ක්‍රීඩාංගනයේදි විනාඩියක නිස්ශබ්ද තාවයක් සහ   ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතෙ කලු පටි   පැලද් තම සෝකය පල කරනලදි
තරගාවලිට විනිස්චය සද හා ගිය  ශ්‍රි ලංකා  විණුසුරුවන්  අවසන් තරගය නිමාවන තුරු කලු පටි බැද රාජ කාරි කරන ලද බව  ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ ලේකම් චම්පා ගුනවර්ධන පැවැසීය

Check Also

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත වෙයි

ලෝකය ජය ගැනීම සදහා ශ්‍රි ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ  මානසික කායික නිරෝගිතාවය පවත්වාගෙන යෑම සහ වර්ධනය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *