Home / Books / රුසියානු සාහිත්‍ය උත්සවය හෙට (6) දා. චූලාන්නද ගේ කෘති තුනක් එළි දකී

රුසියානු සාහිත්‍ය උත්සවය හෙට (6) දා. චූලාන්නද ගේ කෘති තුනක් එළි දකී

කොළඹ රුසියානු සංස්කෘතික කේන්ද්‍රය හා රුසියානු සාහිත්‍ය කවය සංවිධානය කරන 2019 රුසියානු සාහිත්‍ය උත්සවය නොවැම්බර් 06 වැනිදා එනම් හෙට පස්වරු 04.00ට කොළඹ නිදහස් රුසියානු සංස්කෘතික කේන්ද්‍ර ශ්‍රවණාගාරයෙ දී පැවැත්වේ.

පුරෝගාමි රුසියානු ලේඛකයන් දෙපළක් වන ඇලෙක්සාන්දර් පුෂ්කින්ගේ 220 වැනි ජන්ම සමරුව, නිකොලොයි ගොගොල්ගේ 210 වැනි ජන්මසමරුව සහ රුසියානු සාහිත්‍ය නිර්මාණ වැඩිම ගණනක් සිංහලයට පරිවර්ථනය කළ ප්‍රවීන පරිවර්ථක දැදිගම වී. රූද්‍රිගුගේ 90 වැනි ජන්ම සමරුව වෙනුවෙන් කැප කෙරෙන මෙම උළෙළේ දී නවතම සාහිත්‍ය කෘති දොළසක් ජනගත කිරීමට නියමිතය.

මෙහිදී ඇලෙක්සාන්දර් පුෂ්කින් දේශනය ප්‍රවීන කිවියර ආරියවංශ රණවීර මහතා ද, නිකොලොයි ගොගොල් සමරු දෙසුම අධිනීතිඥ එස්.ජී. පුංචිහේවා මහතා විසින් ද, දැදිගම වී. රූද්‍රිගු සමරු දෙසුම ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහතා විසින් ද සිදුකිරීමට නියමිතය.

ප්‍රවීන ලේඛක චූලානන්ද සමරනායක විසින් පරිවර්තනය කරන ලද, රුසියානු සාහිත්‍යයේ පීතෘවරයා වශයෙන් සැලකෙන  ඇලෙක්සාන්දර් පුෂ්කින් ගේ ජීවිත චරිතය අලලා රොබට් චාන්ඩිලර් විසින් රචිත A Short Life of Pushkin නමැති කෘතියේ සිංහල පරිසර්ථනය වන ‘කල්පයක් පවතින නිමේෂයක්’ ද,  චූලානන්දගේම ‘පෝලිම’ සහ ‘ත්‍රිමූර්ති සහ බලකාය’ කෘති දෙක ද  මේ අවස්ථාවට සමගාමීව ජනගත කිරීමට සිදුවේ.

Check Also

‘සිනමාවේ නොමියෙන දෑස -සන්ධ්‍යා කුමාරි‘ 23 දා දොරට වඩී

60 දශකයේ ජනප්‍රිය නිළි සන්ධ්‍යා කුමාරිගේ  25 වැනි අනුස්මරණය නිමිත්තෙන් සුනිල් ලීනස් ලියූ ‘සිනමාව නොමියෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *