Home / News / Sports / දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 605 දෙනෙක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 605 දෙනෙක්

දෙසැම්බර් මස 1 වෙනිදා සිට 10වෙනිදා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවරදි පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්  605 දෙනකු සහභාගිවීමට නියමිත බවත් ඒසදහා වැයවන මුදල රුපියල් මිලියන 334 ක් බවත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්ත මේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මික මුතුගල මහතා පවසයි

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා   මෙසේද කීය

ක්‍රීඩා ඉසව් 27 ක් සදහා දැනට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 ක කණ්ඩායමක් තෝරාගෙන  ඇති අතර ලබන 15 වෙනිදා පමණ  එම 800 න් අවසන් 605 කු  තෝරාගැනීමට නියමිතයි. දැනට හොද මට්ටමෙ පුහුණුව්ම් කටයුතු කරගෙනයනවා. සමහර සංගම්වල ඔවුන්ගෙ කටයුතු පිලිබදව අප සෑහීමකට පත්වෙන්නෑ. මෙම සාක් ක්‍රීඩා උලෙලට සහභාගිවෙන ක්‍රීඩක ක්‍රීඩිකාවනගෙ ගුවන් ටිකට පත් ,නිල ඇදුම්, බෑග් අදි අවශ්‍යවන සෑමදෙයක්ම අප ඔවුනට ලබාදෙනවා 

සාක් තරගාවලිය තුලින්  රන්පදක්කම් 35 පමණ රිදී සහ ලෝකඩ පදක්කම් 200 ක් පමණ බලාපොරොත්තුවෙනවා.ඉන්දියාවට දෙවනි වෙන පදක්කම් ප්‍රමානයක් අපේක්සා කරනවා.  ඇත්තටම සංගම් හරියට පුහුණු වීම කරගන්නවානම් අපට ඉලක්කය කරා ලංවීමට හැකියාව  තියෙනවා. ඒ වගේම සමහර සංගම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගත් ක්‍රමය පිලිබදව අසාධාරන වූවායැයි තොරතුරු ලැබී තියනවා. අපි දැන් ඒවා ඇත්තද කියලා හොයාගෙන යනවා

 

ප්‍රසාද්  සේනාධිර

Check Also

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත වෙයි

ලෝකය ජය ගැනීම සදහා ශ්‍රි ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ  මානසික කායික නිරෝගිතාවය පවත්වාගෙන යෑම සහ වර්ධනය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *