Home / Books / යකඩ සිල්පර හා හදවත් ස්පර්ශය

යකඩ සිල්පර හා හදවත් ස්පර්ශය

මිනිස් සන්තානය තුළ ගලා යන හැඟීම්, දැනීම් අතර දෝලනය මෙතෙකැයි අපට කිව නොහැකිය. ඒකායන දෘෂ්ටියක සිට රසාස්වාදය උද්දීපනය කරමින් රසාලිප්ත සාගරයක කිමිදෙන්නට අපට අවස්ථාවක් ඇත්නම් එයට අප පසුබට වන්නේ ද නැත. හිමි අහිමි වීම් මැද ජීවිතය ගලා ගියද මානව ශිෂ්ටාචාරය තුළ ඉතාම සියුම්ව හදාරද්දී හමුවන නොයෙක් සංධිස්ථාන අපූර්ව සහගතය. ඒ අතීත නෂ්ටාවශේෂ එකට එක , එක පොකුරකට බැද තබන්නට හැකි නම් ඔහු අපූර්ව නිර්මාණකරුවෙකි යැයි මගේ මතයවේ.

සාහිත්යේ වලපල්ලට ගියාදෙන් කියා හරසුන් බොළඳ දෑ කඳු පිටින් ගොඩ ගැසෙන සමාජයක අප හුස්ම ගනිමින් සිටිමු. ගොම රිටි උඩ ඇවිදින් විවිධ, බාල බොළඳ සන්දර්ශන පෙන්වන යුගයකදී අප තවත් ඇස් කන් පියාගෙන සිටිය යුතු දැයි අසන්නා සේ ඔහු , ඔහුගේ පන්හිඳ අවදි කර ඇත. 2018 වර්ෂයේ ජාතික සාහිත්යා උලෙළේ හොඳම නවකතාව ලෙස රාජ්ය සම්මාන ලබන විමල් හපුගොඩආරච්චි නම් නිර්මාණවේදියාගේ යකඩ සිල්පර නම් නවකතාව එයට කදිම නිදසුනකි.

අද්යොතනයෙහි සාහිත්යියෙහි නියැලීම යනු උඩුඟං බලා පිහිනීමක් වැන්නය. එවන් කාලයක මනා සංයමයක් ඇතිකර ගනිමින් සාහිත ලෝලී රසවතුන්ගේ මනදොළ අනලස්ව නැතිව පුරවන්නට යකඩ සිල්පර තුළින් ඔහු සමත් වීමම සතුටට කරුණකි.

රටක ඉතිහාසය සොයා යමින් එය ප්රාබන්ධයක් තුළට ඈදාගෙන අකුරු මතින් කර ඇති පරිකල්පනීය පෙළහර ඉතාමත් ප්ර ශංසනීය බව මගේ හැඟීමයි. වාණිජකරණය වූ ලෝකයේ ඉතිහාස කතා කුණු රසය හා බද්ධ කරමින් ලාභ සිල්ලරට දුසිම් ගණන් විකුණමින් පාඨකයාගේ රසඥතාවය බිංදුවට දමමින් ඒ ගැන කිසිඳු තැකීමක් නැති ලේඛකයන් මැද විමල් හපුගොඩආරච්චි මහා දැවැන්තයෙක් ලෙස මට පෙනේ.

ධුම රථ මාර්ගය එසේත් නැත්නම් යකඩ යකාට කොළඹ සිට යාපනයට යන්නට මාර්ගය තනා දීම ඩන්ස්ටන් මුලර් නම් ඉංජිනේරුවාට ඉංග්රීනසි අධිරාජ්ය යෙන් පැවරෙන වගකීමයි. රාජකාරියයි. ඔහු එය නොපිරිහෙළා ඉටුකිරීමට ඉංග්රීජසි රජයට බැදී සිටියි. අපේ රටේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ඓතිහාසික තොරතුරු චිත්තාකරෂණීය අන්දමින් ගෙත්තම් කරමින් සිත් ඇද බැද ගන්නා ඉතිහාස කතාවක් ද ඔහු අපට කියවන්නට සලස්සවයි. කඳුකර බිමෙහි මෙන්ම, වන්නි වනාන්තර තැනිතලා බිමෙහිද තැනූ දුම්රිය මාර්ගය ඩන්ස්ටන්ගේ අප්රයතහිත ධෛර්ය නොවන්නට අතරමඟදී ඇණහිටින්නට පවා හැකියාවක් තිබුණි යැයි මට සිතේ. මන්ද යත් එහි කුලී සේවකයන් මැලේරියා වසංගතය නිසා මිය යෑමත්, සහ රෝහල් ගතවීමත් සමඟ ඩන්ස්ටන්ට නියමිත කාලසීමාව තුළ තම අරමුණ ඉටුකර ගැනීමට බැරිවේදැයි යන්නය.

ඔහුට අපූර්ව සහායක් සොයිසා විසින් දෙනු ලබයි. වරෙක සමකාලීන සඟයකුද, වරෙක කල්යා ණ මිත්රායෙකුද, වරෙක විශ්වාසදායී සේවයකයකු ලෙසද සොයිසා කටයුතු කළේය. ඩන්ස්ටන්ට කෙසේ හෝ රම්බා මුණගැස්සවීමේ කාර්යය ඉටුකරමින් සොයිසා තම හාම්පුතාගේ විශ්වසදායී සේවකයෙක් බව තවත් මනාව ඔප්පු කරයි. කොළඹ යන එන අතර තුර අබිං වෙළදාම ඩන්ස්ටන්ට හොරා කරගෙන ගිය සොයිසා විටෙක කපටියෙකු යැයි යමෙක් කියනු ඇත. එහෙත් හැමදාම ධුමරථ මාර්ගය ඉඳිනොවන බව සොයිසාට අවබෝධවන්නට ඇතැයි නොසිතා සිටින්නට ද බැරිය. ඒ සඳහා ඔහු මෙසේ හොර රහසේ අබිං, රා වැනි වෙළදාම් කරන්නට සිතුණාදෝයි සිතේ. ඒ කෙසේ වෙතත් සොයිසා ද මානව දයාවෙන් පිරුණු හදවතක් ඇත්තෙක් බව කතුවරයා අපට කියාපානු ලබයි. ඒ අවස්ථා අතර තම මල්ලීට නංගීට නිවහනක් සකසා දීම, ඔවුන්ට අධ්යාුපනය ලබා දීම, පදක්කයා කොළඹ එක්කන් ගිය සෑම අවස්ථාවකම ඔහුට හොඳට සැලකීම, පදක්කයා සිරගත වූ විට ඔහු බැලීමට යාම, හේනයන්ට සිදුවන අසාධාරණයන්හිදී විගස ක්රිියාත්මක වීම, අවසානයේ පදක්කයාවද තමන් සමඟ අම්පාරේ රැගෙන යාම වැනි දෑ පැවසිය හැකිය.

මෙම නවකතාවේ ප්රයධාන චරිත අතර සිටින ඩන්ස්ටන් මුලර් යනු සෑබෑම ආදරවන්තයෙක් යැයි මට සිතේ. ඔහු රම්බා දුටු දිනයේ සිට එක ලෙසම රම්බාට හදවතින් බැදී සිටී. රම්බා අරමුණු කරගනිමින් ඔහු හිතින් ගොඩනගා ගන්නා සියල්ල සැබෑ කරගනියි. එවිට ඩන්ස්ටන් රූත්ට ආදරය නොකරාදැයි ඔබ ප්රතශ්න කරනු ඇත. ඩන්ස්ටන් රූත්ට ආදරයකට වඩා කෘතගුණයක් දක්වා ඇතැයි මගේ මතයයි. ඒ අප්රිිකාවේදී ඩන්ස්ටන් මුහුණ දුන් ඛේදජනක සිද්ධීන් හා සම්බන්ධ දෑ නිසාය. ඔවුන් විවාහ වී ලංකාවට පැමිණියද ඔවුන්ට දරුවන් නොසිටියේය. එමෙන්ම ඩන්ස්ටන්ගේ දිනපොතේ රූත් ගැන ලියවී ඇති දෑ තුළින්ද අපට විද්යාටමාන වනුයේ ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාට වෙන වෙනම අයිති ලෝක තුළ ජීවත් වූ බවක්ය. එසේත් නැත්නම් තමන්ගේ නිදහස තමන් තනියම භුක්ති විදින්නට ඇතැයි යන්න ඒ තුළින් පිළිබිඹු වෙනවාදෝයි මගේ යටි සිතට සැකයක් මතුවේ. රූත් වාවිහ ගිවිසගන්න මුලදී දක්වන අකමැත්තද මෙයට අපට පෙන්වා දිය හැක. සමහරවිට කතුවරයා අපට පෙන්වන්ට උත්සහා දරා ඇත්තේ සුද්දන් තුළ ඇති නිදහස් මතය යැයි විටෙක මට සිතේ.

කෙසේ වෙතත් තමන්ගේ ආධ්යා්ත්මය තුළින්ම පැන නැගුණ හැඟීම් කැටිකර ගනිමින් ඩන්ස්ටන් තම ජීවිතයේ අවසානය දක්වා රම්බා සමඟ ජීවත්වීම පෙන්වීම තුළින් කතුවරයා පාඨකයාගේ සිත බිඳ නොමැත. පදක්කයාගේ බිරිඳ වුවද රම්බා අයිති සුද්දන්ගේ ලෝකයටම බව නොකියා කියන්නේ, රම්බාගේ උප්පත්තිය මතුකර පෙන්වීමෙන්ය. හේනයන්ගේ එකෙකු වැදුවද රම්බා යනු සුදු ජාතික පියෙක්ට දාව උපන්නියකි. ඇගේ ඉරණම අවසානයේ එසේ විසදීම අසාධාරණ නැත. එහෙත් රම්බා සැබවින්ම ආදරය කළේ කාටදෝයි සිතාගන්නට බැරිය.

පදක්කයා උපතින්ම හීන කුලයකට අයිති අයෙකු පමණක් නොව ඔහු විටෙක අහිංසකයෙකි. රම්බා අරඹයා කේන්තිය තරහව ඉපැදුනද ඔහු අවසානයේ ඩන්ස්ටන්ටම තම බිරිඳ භාර දී සොයියා සමඟ තම රාජකාරි කරනු ලබයි. රම්බා ලබා ගැනීමට ගොරබා සමඟ යුද වැදුණ පදක්කයා ගැන අවසානයේ දුක් සහගත හැඟීමක් දැනෙනු ඇත.

ස්ත්රීේ පුරුෂ සම්බන්ධකම් අතර රම්බා ඩන්ස්ටන් සම්බන්ධය ප්රසධාන වනවා සේම සෙසු සබඳතා නම්, රූත් සහ ගවරා, ගවරා සහ ගුරුළුමාලි, රූත් සහ ඩන්ස්ටන්, රම්බා සහ පදක්කයාවේ. මේ සෑම සම්බන්ධයකම එකකට එකක් සම්බන්ධ මානව දයාව දසමයකින් හෝ ඇතැයි මට දැනුණ බව නොකියාම බැරිය.

ධුම රථ මාර්ගය ඉඳිකෙරනු මේ ඉතිහාස කතාව පුරාවට විහිදුණු අපේ රටේ අමතක නොකළ හැකි කුල ක්රමමය ගැනද කතා කළ යුතුමය. ඒ අතර සිංහලයා කොයිතරම් භේද භින්න ද යත් කුසගින්නට වී ටිකක් ඉල්ලා ආ ගොරබා නම් හේනයන්ගේ නායකායට ආරච්චි ඇත්තෝ සැලකූ අන්දම අපට අමතක නැත. එමෙන්ම ලද සැණින් තමන්ගේ කුල හීන බව අමතක කර පෙන්වූ ගොරබා අපේ මතකයට එනු ඇත. එනම් සොයිසා ගෙනැත් දුන් දුම් පයිප්පය පත්තු කිරීමට ආරච්චිලාගෙන් ගිනිකූරු ඉල්ලූ අවස්ථාන් පෙන්වාදිය හැක.

කෙසේ වෙතත් කුල හීනයන් මුදල් අතපත ගාමින්, අත මිට සරු කර ගැනීම තුළින් කුලවන්තයන්ට දරාගන්නට බැරි ආවේගයත් පුහු මාන්නයත් තිබෙන ආකාරය කතුවරයා අපට පෙන්වයි. එහෙත් කුල හීනයෙක් විවාහ වී රැගෙන එන මනමාලිය හා හා පුරා කියා ඉඳුල් කිරීමට එන ආරච්චි ඇත්තන්ට ඇය කුල හීන කතක් බව අවබෝධ නොවන්නේ මන්ද යැයි මගේ සිත තුළ පැන නගින පැනයකි. කන්න ඕනෑ නම් කබර ගොයත් තලගොයා වන්නා සේ ආරච්චිලා වැන්නවුන් ලිංගික අවශ්යිතා බලෙන් හෝ ඉටුකරගැනීමට ගාටන්නේ කුල හීන කාන්තාවන් ළඟටය. හේනයන් තමන්ගේ රාජකාරියක් ලෙස එයට හිස නැමුවද එය කෙතරම් අසික්කිත තුච්ඡ පහත් ක්රිවයාවක්දැයි මට හැඟෙනු ඇත.

කාන්තාව යනු සියල්ලන්ගේම ඕනෑ එපාකම් පිරිමසන්නට සිටින භාණ්ඩයක් නොවේ යැයි මගේ පුද්ගලික මතයය. කතුවරයා රම්බාගේ චරිතයට එතැනදී අවැඩක් කලාදෝයි සිතෙනු ඇත. පදක්කයාගේ බිරිඳ වුවද රම්බා විවාහ වී පැමිණි දවසේ කුල හීන පරම්පරාවක් නිසා ආරච්චි ඇත්තෝ සතුටු කිරීමත්, එතැන් පටන් ඩන්ස්ටන්, පීටර් වැන්නවුන්ගේ කායික අවශ්යගතා සපුරාලන්නටද ඇයට සිදුවනු ඇත. පදක්කයා සමඟ එකතුවීමට ඇය අකමැත්තක් දැක්වුවද ඔහු සමඟද ඇය ලිංගික ගනුදෙනු කරන්නීය.

රම්බාගේ චරිතයට එසේ පණ දෙන කතුවරයා කාන්තාව යනු තමන් කැමති තැනක කැමති අයෙකු සමඟ ජීවත්වීමේ අයිතිය ඇත්තෙක් බවද අපට පෙන්වා දී ඇත. ඒ රූත්ගේ සහ ගුරුළුමාලිගේ චරිත තුළිනි. ගුරුළුමාලි තමන් විවාහ වන විවාහවන පිරිමියා මියගිය නිසා කැලයට වැදී ජීවත් වුවද ඇය ගවරාගේ ඕනෑ එපාකම් පිරිමැසුවේය. රූත්ද එසේමය. ඇය බ්රිාතාන්යවයෙන් අප්රිවකාවට ගියද තමන් කැමති පිරිමින් තෝරා ගනිමින් ඔවුන්ගෙන් තම ඕනෑ එපාකම් පිරිමසා ගත්තේය. අවසානයේ ඇය ගවරා ගැන ඩන්ස්ටන්ගේ දිනපොතින් දැනගෙන ඔහු සොයා කැලයට යනවා පමණක් නොව අවසානයේ ගවරාට දාව දරුවෙකුද ලොකු මහත් කරයි. ගවරා එය දැනගත්තද ඇය ගවරා අතහැර ඕස්ට්රෙනලියාවට පැන යන්නේද ඇයගේ ඒ නිදහස් මත දැරීම පමණක් නොව ඇය රිසි ලෙස ඇයට ජීවත්වීමේ අයිතිය ඇතැයි අපට පෙන්වමිනි.

ඩන්ස්ටන් නැමති ඉංග්රීිසි ජාතික ඉංජිනේරුවා තුළ ඇති මානව දයාව පුදුම සහත යැයි වරෙක සිතෙනු ඇත. මන්ද යත් ලාංකික සමාජයේ සිංහලයන්ගෙන්ම බැට කමින් සිටි කුලහීනයන් වූ හේනයන්ට ඩන්ස්ටන් වෙනසක් දැක්වූයේ නැත. ඇති තරම් බත් හොඳි පමණක් නොව හාල් කරවලද හේනයන්ට අඩු නැතිව දුන්නේය. මේ රම්බාට ඇති ආදරය නිසාම පමණක් නොවේ යැයි මට හැඟී යයි. මන්ද යත් පීටර් මරා දැමූවා යැයි පදක්කයාව සිරගත කරන්නට වෑයම් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් නීතිඥයන් සොයා වෙහෙසවීම, තමන් ළඟ සේවය කළ කුලීකරුවන් අසනීප වූ විට ඔවුන් ගැන සොයා බලා බෙහෙත් ලබා දීමට කටයුතු කිරීම ආදී බොහෝ තැන්වලදී ඩන්ස්ටන්ගේ තෙත් හද අපට විවර කරදී ඇත. ආරච්චී, පීටර්, පොලිස් ස්ථානාධිපති අය මැද සොයිසා, ගවරා, ඩන්ස්ටන් මානුෂීය හදවත් ඇත්තෝය.

කුලයෙන් හිස උදුම්මවා ගත් සිංහල සමාජය තුළ ජීවත් වූ ආරච්චිලා තමන්ගේ බලයට, නිලයට ලිංගික අකටයුතුකම් කරද්දී නිවෙස් තුළ සිටින ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ චරිතයෙහි පැතිකඩ ද අපට පෙන්වා දීමට කතුවරයා අමතක කර නොමැත. කුසගින්නට වී ඉල්ලාගෙන ගිය පදක්කයාව අටුවට නඟින්නට හැර ඔහුගේ සරම අස්සෙන් අතපත ගෑවා පමණක් නොව ඔහු බදාගෙන තම ලිංගික අවශ්යැතා ඉටුකරගන්නට වෙහෙසගත් ආරච්චිගේ බිරිඳ ගැනද යම්තම් හෝ අපට පෙන්වා දෙයි. වරෙක මට ඒ ගැන සිතෙන්නේ ලෝකෙ පුරා ලුණු ඇඹුල් සොයමින් විවිධ රස සොයා යන ආරච්චිට තමන්ගේ ගෙදර බිරිඳගේ ඕනෑ එපාකම්වත් හරිහැටි සපුරන්නට බැරි තරම් දුර්වලයකු ලෙසය.

යකඩ සිල්පර නම් මේ අපූර්ව කතාව තුළින් අපට සෞන්දර්යේ මනස්කාන්ත බවද කියා ඇත. ඒ වනයේ ජීවත් වූ ගවරා ඇත් රංචුව සමඟ ගමන් බිමන් යෑම පමණක් නොව ගුරුළුමාලි ජීවත් වූ පරිසරයේ සුන්දරත්වයද කතුවරයා අපට මවා පෙන්වා ඇත. හරියට අපේ නෙත් ඉදිරියේ පෙනී සිටින්නාක් වැනිය.

එමෙන්ම මේ සියලු දෑ මැද ලෝකෝත්තර ජීවිතය ගැනද කියා සිටින්නට විමල් හපුගොඩආරච්චි අමතක කර නැත. රූත් ගවරා සමඟ වනාන්තරයේ ගත කරන ජීවිතය තුළදී රූත්ට මුණ ගැසෙන භික්ෂුව එයට කදිම උපහැරණයකි. එමෙන්ම එදා නොතේරුණ ද පසු දිනක රූත්ට වැටහෙන භික්ෂුව කියූ කරුණු කාරණා ඒ අතර ප්රතධාන වනු ඇත. ඒ භික්ෂුවම ඉංග්රී සි බසද මනාව දන්නා බව පෙන්වීම තුළ කතුවරයා භික්ෂුවට මෙන්ම ගවරාගේ අභීත චරිතයටද සුදුසුම ස්ථානය පිරිනමා ඇත. ගවරා කිසිවක් නොදත්තෙකු ලෙස සැලකුවද ඔහු මනා ලෙස සුද්දාගේ බස හැසිරවූයේ භික්ෂුවගෙන් උගෙන කියාගෙනය. එසේ නම් එම භික්ෂුව ලෞකිකව උගත දැන කියාගත යුතු දෑ සේම ලෝකෝත්තරව දත යුතු දේ දන්නා හිමි නමකි. මේ සියළු චරිතවලට සර්ව සාධාරණයක් කරන්නට කතුවරයාට හැකිවීම පුදුමය උපදවන සුළුය.

එම සියවසේ පැවති අපේ රටේ ආර්ථිකය, සමාජය, භාෂාව මෙන්ම මිනිස් සබඳතා ගැන එකිනෙකට යා කළ කතුවරයා නීරස නොවූ ප්රුබන්ධයක් සමාජගත කළහ. එම ප්රසබන්ධය තුළ සත්යත මෙන්ම හිතලුද නැතිවා නොවේ. එයට උදාහරණයක් ගුරුළුමාලී මෙන්ම ගවරාද සිටී. ඒ ප්රඳබන්ධය තුළම අද්භූත සැකය, භීතිය ඇතිවන තැන්ද නැතිවා නොවේ. රූත්ගේ පුතු තම පියා වූ ගවරා සොයා ලංකාවට පැමිණ කැලය පීරද්දී ඔහු පමණක් තනිවූ අවස්ථාවේ ඔහුගේ හිසට ඉහළින් භ්ර්මණය වෙමින් විශාල ඇතෙකු පැමිණීම හා සම්බන්ධ අවස්ථාවය. ගවරා මුණ ගැසේදෝයි යන සැකය එම පේළිය කියවන් යද්දී ඇති වුවද එය එසේ නොවුවත් ඒ අද්භූත අවස්ථාව අපූර්වය. එමෙන්ම ගුරුළුමාලි හා සම්බන්ධ සිද්ධි ද පුදුමාකාර ලෙස ප්ර්බන්ධයට හසුකොට පාඨකයාව තම ග්රාහණයේ තබා ගැනීමට රචකයා සමත් වී ඇත.

යකඩ සිල්පර ලෙස නම් කරමින් ගලා යන ප්රධධාන කතා වස්තුව පුරා අතුරු කතා රාශියක් එකදු පහදු කරමින් ඒ සියල්ල පත අට එකට සිඳිමින් පාඨකයාට සුදුසුම ඔසුවක් තනා පුදන්නට කතුවරයා දක්ෂ වී ඇත.

මනා පෞරුෂයක් සම්පූර්ණ කතාව තුළම ගොඩ නගා ගත් කතුවරයා අතින් යම් යම් අත්වැරදීම් හෝ නොසලකා හැරීම් ද කර ඇති බව අපට පෙනේ. එනම් යම් යම් උක්ත ආක්යාරත පද සම්බන්ධය පිළිබඳවය. ” සොයිසා පදක්කයා සමඟ සිය නිවසට ගියේය ” යන වැකිත් නැතිවාම නොවේ. රස වින්දනයට එය බාධාවක් නොවූවද මේ තරම් අනගි නිර්මාණයකදී පුංචි පුංචි හිඩැස් නොපෙන්විය යුතු යැයි මගේ මතය වනු ඇත. එමෙන්ම සංස්කරණයක් නොකළ නිසා මෙය සිදුවන්නට ඇතැයි අනුමාන කරන්නට ද පුළුවනි. මන්ද යත් මේ වියරණ දොස් එසේ නම් අනිවාර්යයෙන් හමුවනු ඇත.

මිනිස් සංතානය තුළ හැකිලෙමින්, විහිදෙමින් පැතිර යන හදවත් ගනුදෙනුවලට මුල් තැන දෙමින් ඉතිහාසයත්, සොබා දහමත්, සුදුසු කාලයට ගැලපෙන භාෂාවත්, සංස්කෘතියත්, සමාජ සන්දර්භයත් ආදී එකී මෙකී නොකී සියල්ලම එකදු පහදු කරගනිමින් විමල් හපුගොඩආරච්චි විසින් යකඩ සිල්පර නම් නවකතාව නර්මාණය කර ඇත. එයට රාජ්යල සම්මාන ලැබීම මට නම් අමුත්තක් නොවන බවද පැවසීමට මෙය අවස්ථාවක් කර ගන්නෙමි.

දෙක පහට දමා ඇති නවකථා කලාව හදාරමින්, ගවේෂණය කරමින් ඔහු ප්රමසූත කළ දරුවා නීරෝගීය. අන් හදවත් ද සුවපත් කරයි. එහෙයින් යකඩ සිල්පර අපේ හිත තුළද යකඩ ලෙසම කිදා බැස තැන්පත් වී සැමදා තිබෙනු ඇත.

දිනිති දීපිකා

 

Check Also

‘සිනමාවේ නොමියෙන දෑස -සන්ධ්‍යා කුමාරි‘ 23 දා දොරට වඩී

60 දශකයේ ජනප්‍රිය නිළි සන්ධ්‍යා කුමාරිගේ  25 වැනි අනුස්මරණය නිමිත්තෙන් සුනිල් ලීනස් ලියූ ‘සිනමාව නොමියෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *