Home / Films / නිම්හිම් ළඟදීම තිරයේ

නිම්හිම් ළඟදීම තිරයේ

මිචෙල් ෆොන්සේකාගේ දෙවන සිනමා නිර්මාණය ”නිම් හිම් ” චිත‍්‍රපටය ළගදීම තිරගත වීමට නියමිතව ඇත.
කුලමල ආගම් බේද නොතැකු ,බාධක මැද ආත්මීය ආදරය ජයගත් පෙම්වතුන් යුවලකගේ අනුවේදනීය ආදර කතාවක් ”නිම් හිම්” සදහා පාදක වී ඇත.
ගංගු රොෂානා , මිලින්ද මඩුගල්ල ,ජනක් පේ‍්‍රමලාල් , කුමාරි මුණසිංහ , නිරෝෂා තලගල , නිලූෂා ප‍්‍රනාන්දු , ඩබ්ලිව් ජයසිරි , ගිහාන් ප‍්‍රනාන්දු , රොෂාන් පිලපිටිය , සමන් ධර්මවංශ , සම්පත් තෙන්නකෝන් , අනුර බණ්ඩාර රාජගුරු , සුසංග කහදවල , වසන්ත විට්ටච්චි ඇතුළු පිරිසක් ”නිම් හිම්” ස`දහා රංගනයෙන් දායකවෙති. ,
ප‍්‍රින්ස් වික‍්‍රමනායක , ප‍්‍රදීප් හේරත් සහ ඉන්දික මඩවල නිෂ්පාදනයෙන් දායකත්වය දක්වා ඇත.

ඇන්ටන් ජේ. ප‍්‍රනාන්දු

 

Check Also

ස්වර්ණා, ප්‍රසන්න අගයමින් යාපනය අන්තර්ජාතික සිනමා උළෙල අද ඇරඹේ. ඇතුළුවීම නොමිලේ.

    එක් අදියරකදී දෙස් විදෙස් සිනමාපට 50 කට අධික සංඛ්‍යාවක් තිරගත කරමින් සේම ප්‍රමිතිගත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *