Home / News / Sports / ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත වෙයි

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත වෙයි

ලෝකය ජය ගැනීම සදහා ශ්‍රි ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ  මානසික කායික නිරෝගිතාවය පවත්වාගෙන යෑම සහ වර්ධනය කිරීම අරමුණුකරගත් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ   නව  තෙමහල් ගොඩනැගිල්ල  පසුගිය දා   ක්‍රිඩා අමාත්‍ය හරේන් ප්‍රනාන්දු  මහතා අතින්   විවෘත කෙරිණි

විවෘත කිරීමේ උළෙලේදි අදහස් දැක්වූ අමාත්‍ය හරෙන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ක්‍රීඩා ලොව ජය ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනා ගැනීමත් ජෛව යාන්ත්‍ර විද්‍යාව  ඉතාමත් වැදගත්  බවයි

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම  පුහුණු කරුවන්ටත්  ඔවුන්ගෙ කුසලතා දියුණු කරගැනීමට උවමනා දැනුම  ලබාදීමට අද ලෝකයම නව ක්‍රම ප්‍රයෝජනයට ගන්නා බවත්  යල්පැන ගිය දේවල්   බැහැර කරමින්  නව ක්‍රමවලට යායුතුව ඇති බවද පැවැසීය.

මෙම ආයතනය තුලින් හදිසි ප්‍රතිකාර සේවා, ප්‍රථමාධාර සේවා , ඖෂධ ,අතිරේක පෝෂණ  විටමින් වර්ග ලබාදීම,භෞතික චිකිත්සක ජෛව යාන්ත්‍රණ  සමීක්ෂන  හා පර්යේෂණ පහසුකම් වලින් සමන්විතය

විවෘත කිරීමේ අවස්තාවට  අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා,ක්‍රීඩා අධ්‍යකෂක ජෙනරාල් ධම්මික මුතුගල සහ ක්‍රීඩා විද්‍යා ආයතනයෙ වෛද්‍ය එල්  කේ. එදිරිසිංහ මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.

 -ප්‍රශාද් සේනාධීර

 

Check Also

එම් සී -ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඔක්. මස 13 වෙනිදා

වෙළෙඳ  සේවා ක්‍රිකට්  සංගමය සහ  සිංගර්  සමාගම එක්ව 27 වෙනි වරටත්  සංවිධානය කරන එම් සී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *