Home / News / ජනාධිපතිවණය සඳහා 35ක් නාම යෝජනා බාර දෙති

ජනාධිපතිවණය සඳහා 35ක් නාම යෝජනා බාර දෙති

2019  ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු තරග වැදී සිටින අතර ඒ අනුව අද  (7)උදෑසන රාජගිරිය මැතිවරණ කොමිසම් කාර්යාල පරිශ්‍රයේදී එම 35 දෙනා නාම යෝජනා බාර දුන්හ.

මෙවර  ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂකයන් 41 දෙනෙකු ඇප මුදල් බැඳ තිබූ නමුත් ඔවුන්ගෙන් 6 දෙනෙකු සදහා නාම යෝජනා බාර දුන්නේ නැත.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ චමල් රාජපක්ෂ මහත්වරු  නාම යෝජනා ලබා නොදුන් 6 දෙනා අතර වෙති.

ඉදිරිපත් වූ නාම යෝජනා සඳහා විරෝධතා දෙකක් ඉදිරිපත්ව තිබූ අතර ඒ දෙක ම ප්‍රතික්ෂේප විය.  නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයන්ට අනුව මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු හෝ විපක්ෂ නායකවරයෙකු තරග නොකරන පළමු ජනාධිපතිවරණය බවට පත්වේ.

ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් තරග වදින අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ  නාම යෝජනා ලබා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ  මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලබා දුන් අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  මහතා ජාතික ජන බලවේගය ව්‍යාපාරය වෙනුවෙන් නාම යෝජනා ලබා දුන්නේය.

2019 ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් මෙසේය.

සමරවීර වීරවන්නි

ජයන්ත කැටගොඩ

සිරිතුංග ජයසූරිය

බත්තරමුල්ලේ සීලරතන හිමි

ආචාර්ය අජන්තා පෙරේරා

සමන්සිරි හේරත්

ඒ.එස්.පි. ලියනගේ

එම්.කේ. සිවාජිලිංගම්

සමන් ප්‍රසන්න පෙරේරා

සිරිපාල අමරසිංහ

බද්දෙගමගේ නන්දිමිත්‍ර

සරත් කීර්තිරත්න

අශෝක වඩිගමංගාව

දුමින්ද නාගමුව

අජන්ත ද සොයිසා

චමින්ද අනුරුද්ධ

මිල්රෝයි ප්‍රනාන්දු

මොහමඩ් හසන් අලෙවි

රොහාන් පල්ලෙවත්ත

නාමල් රාජපක්ෂ

අපරැක්කේ පුඤ්ඥානන්ද හිමි

වජිරපානි විජේසිරිවර්ධන

අනුර කුමාර දිසානායක

අරුණ ද සොයිසා

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා

ඉල්ලියාස් මොහොමඩ්

පියසිරි විජේනායක

මහාචාර්ය රජීව විජේසිංහ

සරත් මනමේන්ද්‍ර

සුබ්‍රමනියම් ගුණරත්නම්

සජිත් ප්‍රේමදාස

මහේෂ් සේනානායක

ගෝඨාභය රාජපක්ෂ

ප්‍රියන්ත එදිරිසිංහ

ආරියවංශ දිසානායක

 

Check Also

ශ්‍රි.ල.නි.ප. සහාය සජිත්ට දෙන තීරණය දැනුම්දීම 05දා

ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *