Home / Films / ‘‘ගාඩි’’ අන්තර්ජාතික ප‍්‍රදර්ශනය බුසාන් චිත‍්‍රපට උළෙලේදී ඇරඹෙයි.

‘‘ගාඩි’’ අන්තර්ජාතික ප‍්‍රදර්ශනය බුසාන් චිත‍්‍රපට උළෙලේදී ඇරඹෙයි.

ප‍්‍රසන්න විතානගේ ගේ නවතම සිනමා නිර්මාණය ‘‘ගාඩි’’ චිත‍්‍රපටයේ අන්තර්ජාතික මංගල දැක්ම ආසියාවේ විශාලතම චිත‍්‍රපට උළෙල ලෙස සැලකෙන දකුණු කොරියාවේ අන්තර්ජාතික බුසාන් චිත‍්‍රපට උළෙලේ දී ඔක්තෝබර් මස අටවැනිදා :08* පැවැත්වෙනු ඇත. මෙවරල විසිහතරවැනි අන්තර්ජාතික බුසාන් චිත‍්‍රපට උළෙලේ දී රටවල් හැත්තෑනවයක් නියෝජනය කරමින් තුන්සියයකට අධික චිත‍්‍රපට ඔක්තෝබර් මස තුන්වැනිදා (03) සිට දොළොස්වැනිදා (12) දක්වා තිරගතවනු ඇත.

සජිත අනුත්තර, රවින්ද්‍ර රන්දෙනිය, ශා්‍යාම් ප‍්‍රනාන්දු, අයිරාංගනී සේරසිංහ, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා, ආනන්ද කුමාර උන්නැහේ, නෙතලි නානයක්කාර, මර්වින් කෘන්, තුසිත ලක්නාත්, රංගබුද්ධ, ඩිස්නි රාජපක්‍ෂ සමග ශදුන්වාදෙන ඩිනාරා පුංචිහේවා ඇතුළු නළු නිළියන් රැුසක් රඟපාන ‘‘ගාඩි’’ දහනවවැනි සියවස නුවර යුගයේ අවසන් කාලය පසුබිම් කරගත් චිත‍්‍රපටයකි.

ඉන්දීය ශී‍්‍ර ලංකා හවුල්් නිෂ්පාදනයක් වන ‘‘ගාඩි’’ චිත‍්‍රපටයට ෆිල්ම් අයිලන්ඞ්, එච්.ඞී.පේ‍්‍රමසිරි, ප‍්‍රසන්න විතානගේ ප‍්‍රඩක්ෂන්ස් සහ ජා පික්චර්ස් නිෂ්පාදනයෙන් දායකවී ඇත.

බුසාන් චිත‍්‍රපට උළෙලේ මංගල දැක්මෙන් පසු ලොවපුරා අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලවලින් ප‍්‍රදර්ශනයට ඇරයුම් ලබාඇති ‘‘ගාඩි’’ චිත‍්‍රපටය ලඟදීම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රදර්ශනය වීමට නියමිතය.

Check Also

ස්වර්ණා, ප්‍රසන්න අගයමින් යාපනය අන්තර්ජාතික සිනමා උළෙල අද ඇරඹේ. ඇතුළුවීම නොමිලේ.

    එක් අදියරකදී දෙස් විදෙස් සිනමාපට 50 කට අධික සංඛ්‍යාවක් තිරගත කරමින් සේම ප්‍රමිතිගත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *