Home / News / මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම 16 දක්වා රිමාන්ඩ්

මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම 16 දක්වා රිමාන්ඩ්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම ඇතුළු පුද්ගලයින් පස්දෙනෙක් මෙම මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මතුගම මහේස්ත්‍රාත් විසින් නියම කරන ලදී.

මෙයට හේතු වී ඇත්තේ අධිකරණය විසින් ලබා දී තිබූ නියෝගයක් කඩ කරමින් වතු සේවකයන් පිරිසක් සමග තෙඹුවන පොලිස් වසමේ පෞද්ගලික ඉඩමක මියගිය පුද්ගලයකුගේ මිනියක් බලහත්කාරයෙන් භූමදානය කිරීමේ සිද්ධියකි.

අධිකරණ නියෝග නොතකා අධිකරණයට අපහාස වන අන්දමින් කටයුතු කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස් දෙනෙක් ලබන 16 වනදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය විසින් ඊයේ (10) නියෝග කරන ලදී.තෙඹුවන පොලීසිය පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.

Check Also

තිබුණු බලයත් වසරකින් අඩුකරගෙන දෙවනවර අපේක්ෂකත්වයත් අහිමිව ලබන මස ගෙදර යන ජනාධිපති මෛත්‍රී

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්  විධායක ජනාධිපති ධුරයට පත්වී  දෙවන වරට ජනාධිපති වන්නට  තබා ජනාධිපති අපේක්ෂකත්වයත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *