Breaking News
Home / News / රටින් පලාගොස් සිටි පතාල නායකයන් ආපසු ලංකාවට

රටින් පලාගොස් සිටි පතාල නායකයන් ආපසු ලංකාවට

පසුගිය කාලයේ පාතාලයේ එකිනෙකා මරාගැනීම නිසා ජීවිතවලට තර්ජන එල්ලවීම, රජය විසින් කුඩු ව්‍යාපාරය මර්ධනයට ප්‍රමුඛත්වයක් දීම වැනි හේතු නිසා රටින් පළාගොස් සිටි දරුණු ගණයේ පාතාල අපරාධ කරුවන් රැසක් මේ වන විට ලංකාවට පැමිණෙමින් සිටිති.

රටේ ජනාධිපතිවරණ උණුසුමක් තිබිය දී මොවුන් මෙසේ ගෙන්වා ගන්නේ කවුරුන් විසින්දැයි පොලීසියට ප්‍රශ්නයක් ව තිබේ.

2018 සිදු වූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සිටි අපරාධ කල්ලි සාමාජිත සංඛ ශිරන්ත නොහොත් බ්ලූමැන්ඩල් සංඛ ඉන්දියාවේ සිට පැමිණි පතාල සමාජිකයෙකි. ලංකාවට පැමිණීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

Check Also

පෙරටුගාමී අපේක්ෂක දුමින්ද නාගමුව

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ පුචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාව නම්කර තිබේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *