Breaking News
Home / News / මේ රට අයිති එක පවුලකට, එක පරම්පරාවකට, එක ඥාති පරපුරකට නෙමෙයි. මේ රට අයිති පොදු ජනතාවටයි

මේ රට අයිති එක පවුලකට, එක පරම්පරාවකට, එක ඥාති පරපුරකට නෙමෙයි. මේ රට අයිති පොදු ජනතාවටයි

කොටසක් බලාගෙන ඉන්නවා ජනතාවගේ කරපිටින් ගිහිල්ලා තමන්ගේ පුද්ගලික සුඛ විහරණය උදෙසා, තමන්ගේ සුබ සාධනය වෙනුවෙන්, තමන්ගේ පවුල් බලය තරකරගෙන තමන්ගේ ගජමිතුරු සංගමයට ශක්තිය ලබාදීලා ඒ අයගේ අරමුණ අපේ මාතෘ භූමියේ සින්නකර ඔප්පුව තමන්ට ලියාගන්න. මේ රට අයිති එක පවුලකට නෙවෙයි එක පරම්පරාවකට නෙමෙයි, එක ඥාති පරපුරකට නෙමෙයි, මේ රටේ අයිතිය තිබෙන්නේ මහ පොළොවට පයගහලා ජීවත්වෙන මේ රටේ පොදු ජනතාව වන ඔබලාටයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (5) පැවති ‘‘සජිත් සමඟ රට පෙරට“ ජන රැළි මලාවේ තුන්වැන්න කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගනයේ පැවැත් වූ අවස්ථාවේ දී දෑවැන්ත ජනගඟ අමතමනි. අතිවිශාල ජනතාවක් සහභාගි වූ මෙම රැලිය සංවිධානය කර තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි අශෝක අබේසිංහ මහතා ප්‍රමුඛ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ඇතුළු පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් විසිනි. එහිදී කතා කළ සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

එළඹෙන ජනාධිපතිවරණයේ දී මේ රටේ පොදු ජනතාව  රජ කරවන සාමාන්‍ය ජනතාවගේ ආණ්ඩුවක් බිහිකරනවා කියන එක මේ අවස්ථාවේ දී අපි ප්‍රකාශ කරනව. මේ රටේ නිවාස ලක්ෂයේ, නිවාස දශලක්ෂයේ, නිවාස පහළොස් ලක්ෂයේ ඒ දැවැන්ත වැඩ සටහන, ගම්උදා වඩසටහන මේ හැම වැඩසටහනකම ආරම්භය මේ කුරුණූගල දිස්ත්‍රික්කයයි. කුරුණෑගලින් තමයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගම්උදා වැඩසටහන ආරම්භ කළේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙළෙහිගුණ දන්න ජනතාවට කිසිදාක ඒ මිහිරි අතීතය අමතක වෙන්නෙ නෑ.

මමත් එළඹෙන නොවැම්බර් – දෙසැම්බර් මාසයේ මේ රටේ මහා ජනතා විප්ලවය, මහා ජනතාව ඒකරාශි වෙලා මේ රට දියුණු කරන, මේ රට ශක්තිමත් කරන ඒ මහා සංවර්ධන විප්ලවයට ශක්තිය ලබාදෙන කොට කුරුණෑගල දිස්ත්‍රිකයේ ජනතාවනි, ආදරණීය ලංකාවාසි ජනතාවනි, තමුන්නාන්සේලාගේ කරපිටින් මේ රටේ බලවත්ම තනතුරට යන කොට මම මුල අමතක කරන්නෙ නෑ. මම ඔබලට කෙලෙහිගුණ දක්වනවමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනව,

හිතාදර මිතුවරුනි, අපිට ධන බලය නෑ. පවුල් බලය නෑ. අපට පවුල් වාදය නෑ. අපිට ගජමිතුරු සංගම් නෑ. සජිත් ප්‍රේමදාසගෙ එකම පවුල් බලය මේ රටේ පුරවැසි බලයයි කියන එක මම මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනව. මේ රටේ ජීවත්වෙන ලක්ෂ හැට එකක් පවුල්වලට, මේ රටේ ජීවත්වන පුරවැසියන් ලක්ෂ දෙසිය විස්සටම මම ආරාධනාවක් කරනවා මේ තරුණ ගමනට, තරුණ ශක්තියට, ජනතාවාදි ජනහිතකාමි මේ නව සංවර්ධන දර්ශනයට ඔබලා පැකිලෙන්නෙ නැතුව. දෙවතාවක් හිතන්නෙ නැතුව සජිත් ප්‍රේමදාසව උත්සලා තියන්න. හොඳට මතක තියාගන්න සජිත් ප්‍රේමදාස දිනන කොට මම රජගෙදර යන්නෙ නෑ. මම මන්දිර වලට යන්නෙ නෑ. මගේ රජ ගෙදර, මගේ මන්දිරය පොදුජන සේවයයි කියන එක මම මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනව.

කොටසක් බලාගෙන ඉන්නවා ජනතාවගේ කරපිටින් ගිහිල්ලා තමන්ගේ පුද්ගලික සුඛ විහරණය උදෙසා, තමන්ගේ සුබ සාධනය වෙනුවෙන්, තමන්ගේ පවුල් බලය තරකරගෙන තමන්ගේ ගජමිතුරු සංගමයට ශක්තිය ලබාදීලා ඒ අයගේ අරමුණ අපේ මාතෘ භූමියේ සින්නකර ඔප්පුව තමන්ට ලියාගන්න. මේ රටේ අයිති එක පවුලකට නෙවෙයි එක පරම්පරාවකට නෙමෙයි, එක ඥාති පරපුරකට නෙමෙයි, මේ රටේ අයිතිය තිබෙන්නේ මහ පොළොවට පයගහලා ජීවත්වෙන මේ රටේ පොදු ජනතාව වන ඔබලාටයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනව.

අපේ රටේ කාන්තා පරපුර අපි ආරක්ෂා කරගන්නට ඕන. මව් පරපුර දේශයේ ශක්තියයි. අපේ මාතෘ භූමියේ අභිමානයයි. මිත්‍රවරුනි, මම ඔබලට පොරොන්දු වෙනව, මේ රටේ හැම නිවසකම ජීවත් වෙන හැම කාන්තාවකටම අපේ රජයක් හරහා ස්වකීය ශක්තිය තුළින් ස්වකීය හැකියාව තුළින් ගෘහ මූලික පවුල් ඒකකයේ තමන්ගේ ස්වාමි පුරුෂයා ගෙදරට ආදායමක් ගෙන එනකොට ඒ ආදායම දෙගුණ තෙගුණ කරන්නට මේ රටේ සියලුම කාන්තාවන් ස්වයං රැකියාවලින් සවිබල ගන්නවනවා කියන එක මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කරනව. මේ උත්සව සභාව අමතා නලීන් බණ්ඩාර, ඉන්දික බණ්ඩාරණායක, ජේ.සී. අලවතුවල සහ අශෝක අබේසිංහ ඇතුළු මැති ඇමතිවරු රැසක් කතා කළහ.

සනෝජ්

Check Also

රටින් පලාගොස් සිටි පතාල නායකයන් ආපසු ලංකාවට

පසුගිය කාලයේ පාතාලයේ එකිනෙකා මරාගැනීම නිසා ජීවිතවලට තර්ජන එල්ලවීම, රජය විසින් කුඩු ව්‍යාපාරය මර්ධනයට ප්‍රමුඛත්වයක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *