Breaking News
Home / Arts / රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 12 වැනිදා

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 12 වැනිදා

මෙම වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ස්මන්ත්‍රණ ශාලාවේ දී ලබන 12 වැනිදා පස්වරු 03.00ට පැවැත්වේ. ‍

නිවාස ඉදිකිරීමේ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේදී 2018 වසරේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාතුනෙන්ම ප්‍රකාශිත විශ්ෂ්ඨතම මෙන්ම නිර්මාණාත්මක ග්‍රන්ථ සඳහා රාජ්‍ය සම්මාන පිරිනැමේ.

2018 වසරේ ප්‍රකාශ වී ඇති නවකතා, කෙටිකතා, කාව්‍ය, ගීත, යොවුන්, ළමා හා විද්‍යා, සාහිත්‍ය හා සිනමා මෙන්ම රූපවාහිනී නිර්මාණ යන ක්ෂේත්‍රවල ස්වතන්ත්‍ර හා පරිවර්තන කෘති මෙනේම සමාජ හා ශාස්ත්‍රීය කෘති සදහා ද සම්මාන මෙවර පිරිනැමේ.

හැට දෙවෙනි වරටත් පැවැත්වෙන මෙම සාහිත්‍ය උත්සවයේ දී දීර්ඝකාලීන සේවා දායකත්වයක් උදෙසා පිදෙන ප්‍රසස්ථ රාජ්‍ය සාහිත්‍ය සම්මානය වන සාහිත්‍යරත්න අභිදානය ද සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන සාහිත්‍ය සඳහා සිය දිවිය කැප කළ සාහිත්‍ය වේදීන් තිදෙනෙකුට පිදේ.

මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ, රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, සංස්කෘතික කටයුතු  දෙපාර්තමේන්තුව හා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක්වය.

Check Also

තරුණ ශිල්පීන් සය දෙනකුගේ චිත්‍ර දැක්මක් බොරැල්ලේ

තරුණ චිත්‍රශිල්පීන් සහ ශිල්පිණියන් 6 දෙනකුගේ නිර්මාණ ඇතුළත් චිත්‍ර දැක්මක් අගෝස්තු 24 දින සිට සැපතැම්බර්   …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *