Breaking News
Home / News / ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ.

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ.

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය අද (05)  ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය මේ මස 14 වැනිදා දක්වා පැවැත්වේ.
8 වෙනිවරටත් පැවැත්වෙන මෙම තරගාවලිය ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් සංවිධානය කරනුලබයි
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, එක්සත්අරාබි එමීර් රාජ්‍ය, නේපාලය සහ කුවේටය යන  කණ්ඩායම් මෙවර ආසියානු කුසලානය වෙනුවෙන්  තරග වැදීමට නියමිතය.
අද ( 05 )  කොළඹ  සී සී සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාව සහ කුවේටය අතර තරගයෙන් තරගාවලිය ආරම්භවේ එදිනම ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම  පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය
 ඉන්දියාව,  ඇෆ්ගනිස්තානය, පකිස්තානය සහ කුවේටය යන කණ්ඩායම් ‘ ඒ ‘ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර   ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් ආරාබි එමිර් රාජ්‍ය සහ නේපාලය යන කණ්ඩායම් ‘ බී ‘ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහභාගි වන  තරගය හෙට ( 06 )  නේපාල කණ්ඩායමට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී  තරග වැදීමට නියමිතයි  
තරග කාල සටහන
සැප් – 05 – ඉන්දියාව සහ කුවේටය අතර තරගය සී සී සී ක්‍රීඩාංගණයේදී
ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර තරගය පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
සැප් – 06 – ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී
බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
සැප් – 07 – ඉන්දියාව සහ පකිස්තානය අතර තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී
ඇෆ්ගනිස්තානය සහ කුවේටය අතර තරගය ආර් ප්‍රේමාදාස ක්‍රීඩාංගණයේදී
සැප් 08 –   ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
බංග්ලාදේශය සහ නේපාලය අතර තරගය පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
සැප් 09 –  ඉන්දියව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය සී සී සී ක්‍රීඩාංගණයේද
පකිස්තානය සහ කුවේටය අතර තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී
සැප් – 10 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී
එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගය මේරියන්ස් ක්‍රිකට්  ක්‍රීඩාංගනයේදී
සැප් 12 –  පළමු අවසන් පූර්ව තරගය –  A කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථාන අතර – පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
දෙවැනි අවසන් පූර්ව තරගය –  කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථාන  අතර – මොරටු ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේදී
සැප් – 14 – අවසන් මහ තරගය – ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

Check Also

රටින් පලාගොස් සිටි පතාල නායකයන් ආපසු ලංකාවට

පසුගිය කාලයේ පාතාලයේ එකිනෙකා මරාගැනීම නිසා ජීවිතවලට තර්ජන එල්ලවීම, රජය විසින් කුඩු ව්‍යාපාරය මර්ධනයට ප්‍රමුඛත්වයක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *